©️ සටහන | වාරා
අප වෙසෙන්නේ සොඳුරු සුමඟ සමාජයයක නොවන්නේ ය. අප වෙසෙන්නේ
දුර්දාන්තයන්ගේ සෙවණැල්ල යට ය. එකී සෙවණැල්ලෙන්
වැසී යන්නා වූ සමාජයීය කොටසක ය. නාට්‍යයක් යනු මෙකී අඳුරු
සෙවණැල්ල යටම සිට එකී සෙවණැල්ලේ පීඩාව අවධාරණය කිරීමට උත්සහ දරන්නා වූ ප්‍රබලතම
මාධ්‍යයකි. එවන් තවත් එක් නාට්‍යයක් පසුගියදා වල තුළ වේදිකාගත කෙරුණි.
එය නමින් අබුද්දස්ස කෝලම යි. ජනක් ප්‍රේමලාල්ගේ අධ්‍යක්ෂණයෙන් පණ ලද අබුද්දස්ස කෝලම මුල් වරට වේදිකාගත වූයේ 1984 වර්ෂයේදී වන අතර එම වර්ෂයේ දී තරුණ සේවා සභාවේ යොවුන් නාට්‍ය උළලේදී හොඳම රචනය හොඳම අධ්‍යක්ෂණය හොඳම නළුවා හොඳම නිළිය ඇතුළු ප්‍රධානතම සම්මාන 07ක් දිනා ගැනීමට අබුද්දස්ස කෝලම සමත් වීය. මේ වන විට වසර 33ක පමණ කාලයක් තුළ1500කට අධික දර්ශණ වාර සංඛ්‍යාවක් රඟදක්වා ඇති මෙකී නාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නා වූ බහුතරය එදා රංඟනයෙන් දායකත්වය සැපයූවෝ වීම විශේෂත්වයකි. රවීන්ද්‍ර යසස්, සරත් කුලාංග, දීපානි සිල්වා, සද්ධා උත්පල කන්දගේ , අජිත් ලොකුගේ ආදී ප්‍රවීණ නළු නිළියන් රැසකගේ රංග ප්‍රතිභාවයෙන් ඒකාලෝක වන්නා වූ අබුද්දස්ස කෝලම වනාහී ප්‍රබල ජීවී ගුණයකින් සමන්විත අගනා නිර්මාණයකි.
අබුද්දස්ස කෝලම සම්පූර්ණ නාටකයම කේන්ද්‍ර ගත වන්නේ වෙසක් තොරණක් වටාය. උක්ත වෙසක් තොරණ වනාහී ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතියේ සියළුම අන්තර්ගතයන් නිරූපණය කිරීම උදෙසා භාවිතා කරන්නා වූ සංකේතයක් පමණකි. මෙකී තොරණ භාවිතා කොට ආගම නාමයෙන් සිදුවන ව්‍යාපාරික සංහාරය පිළිබඳ උපහාසාත්මක විවරණයක යෙදීමට නිර්මාණකරුවා උත්සහා කරනු ලබන්නේ ය. මෙකී සංස්කෘතික මාෆියාව එදා පමණක් නොව අදත් සිදුවන්නේ ය. අද එය සිදුවන්නේ මහා පරිමාණයෙනි. එබැවින් අබුද්දස්ස කෝලම වනාහී සර්වකාලීන නිර්මාණයක් යැයි අර්ථ දැක්විය හැකිය. අදත් අබුද්දස්ස කෝලම නරඹන ප්‍රේක්ෂකයින් එය වැළඳගන්නේ මින් නිරූපිත ප්‍රහසනය අදටත් ප්‍රේක්ෂකාගාරයේ සිටිනා ප්‍රේක්ෂකයා සමාජය තුළ සිට අත්දකිනා බැවිනි.

මිනිසා
වනාහී අසංතෘප්ත ජීවියෙකි. ස්වකීය අපේක්ෂාවන් පසුපස නිතර ලුහුබඳිනා සත්ත්වයෙකි.
හෙතෙම කිසිම මොහොතක ඉන් වෙහෙසට පත් නොවන්නේ ය. වෙහෙසට පත් වුවද නොනවතින්නේ ය. මෙම
අසංතෘප්ත ජීවියා ස්වකීය අපේක්ෂාවන් සාක්ෂාත් කරගනු වස් ඕනෑම කාර්යයක් ඉටු කිරීමට
පෙළඹෙන්නා වූ ජීව විශේෂයකි. මුදල මත පදනම් වූ සමාජ වපසරියක් මිනිසා නිර්මාණය කරගනු
ලබන්නේ එකී අපේක්ෂා ලුහුබැඳීමේ ස්වභාවික ජීවි ක්‍රියාවලියට යටත්ව ය. මෙකී මුදලට
නතුවූ මිනිසා මඟින් සමාජය අද වන විට රැගෙන යනුයේ කවර දිශානතියකටදැයි සිතා බැලීමට
මෙම නාට්‍යයේ ප්‍රධාන චරිතයන් හී පෙළ ඔබව යොමු කරන්නේ ය.
මෙකී නාට්‍යයේ
ප්‍රධාන වශයෙන් නිරූපිත චරිත වන පිංහාමි, කවිකරුවා,
පඬිතුමා මෙන්ම මන්ත්‍රීවරයාද මුදලාලි මහතාද මෙම නාට්‍ය පුරාවටම ඔබ මෙන්ම මා වෙසෙන
මෙම දුශ්චරිතවත් සමාජය නිරූපණය කරනු ලබන්නෝ ය. උක්ත චරිතයන් මඟින් මුදලට ලොබ බැඳි
මනුෂ්‍යයා නම් සමාජයීය සත්ත්වයා තමාවම වුවද විකුණා කෑමට සමත් වන්නෙක් බව මනාව
පිළිබිඹු කරන්නේ ය.
පිංහාමී වනාහී සම්මාදමේ යෙදෙන කාන්තාවකි. උක්ත සඳහන් තොරණ නිර්මාණය කිරීම උදෙසා සම්මාදමේ ගොස් මුදල් සොයන්නී ඇය ය. මෙම කාන්තා චරිතය මඟින් සම්මාදම් කොල්ලය සියුම් ලෙස උපහාසයට නතු කිරීමට නිර්මාණකරුවා සමත් වන්නේ ය. එමෙන්ම නාම මාත්‍රික සැදැහැවත් උපාසිකාව නම් වූ සමාජයීය නිර්මාණය පිළිබඳව ගැඹුරු උපහාසාත්මක විග්‍රහයක් මඟින් විවේචනය කරනු ලබන්නේ ය. තොරණේ විස්තරයේදී තමා ගේ නම කියවාගැනීමට මෙම පිංහාමී උපාසිකා මාතාව සිදුකරනු ලබන උත්සහය එකී විවේචනය සියුම් ලෙස ප්‍රකාශ කරනා අපූර්වතම වූ එක් අවස්ථාවකි. තමා උග්‍ර ආගම් භක්තිකයෙකු යැයි ලොවට නිරූපණය කරනා උපාසක උපාසිකාවන් ගේ හෘද සාක්ෂිය පිංහාමී මඟින් නිරුවත් කිරීම සිදුවන්නේ ය.
මෙහිදී කවිකාරයා චරිතයද තවත් එක් ප්‍රබල සමාජ විවේචනයක් ඉදිරිපත් කරනු ලබන්නේ ය. ශේෂ්ඨ ලේඛක ලියෝ තෝල්ස්තෝයි ට අනුව “ කලාව යනු හැඟීම් ආස්වාදනය කිරීමකි.“ රසිකයාව ආසාදනයක් ඇති කොට ප්‍රබල ග්‍රහණයකට නතු කරගැනීමට කලාකරුවන් සමත් වන්නේ ය. නමුදු උක්ත සංකල්පය පදනම් කොටගෙනම නූතන කලාකරුවන් විසින් කලාව ප්‍රසිද්ධියේම විකිණීම කවිකරුවා යොදාගෙන ප්‍රහසනයට ලක් කරනු ලබන්නේ ය. කලාව වනාහී පුද්ගලයාගේ රසවින්දනය උදෙසා ගොඬනැගුණක් වුවද එකී කලාවම යොදාගනිමින් ජාවාරමේ යෙදෙන්නන් මඟින් කලාවටම වින කටින ආකාරය අබුද්දස්ස කෝලම තුළ උපහාසාත්මකව විවේචනයට ලක් කරනු ලබන්නේ ය.
පඬිතුමා වනාහී අබුද්දස්ස කෝලමෙහි දක්නට ලැබෙනා තවත් චරිතයකි. මෙකී චරිතය මඟින් ශ්‍රී ලාංකීය සංස්කෘතියේ පිරිහීම ද වියතුන් යැයි කියාගන්නා වූ නිර්ලජ්ජිත අධමයින්ගේ ක්‍රියා කලාපය ද විවේචනාත්මකව උපහාසයට නතු කරන්නේ ය. ශ්‍රී ලාංකික සංස්කෘතිය ද මුදලට විකිණෙනා සමයක වියතුන් යැයි සම්මත ඊනීයා පුද්ගලයින් විසින් උක්ත ප්‍රෞඩ සංස්කෘතියට සිදු කරන්නා වූ විනාශයේ භයානකත්වය මෙහිලා නිරූපණය වන්නේ ය. එහිදී නාට්‍යය පුරාවටම පඬිතුමාගේ චරිතයේ යෙදෙනා දෙබස් මඟින් ද එම චරිත නිරූපණයේ රංග ශෛලිය මඟින් ද මෙකී ඛේදාන්තය විචාරශීලී ලෙසින් ප්‍රේක්ෂකාගාරය වෙතට යොමු කරනු ලබන්නේ ය.
පීඩිත පාන්තිකයින් මුදලට ලොබ බඳින කල්හී ඒ අනුසාරයෙන් වාසි ලබන්නෝ ධනපති පාන්තිකයෝ ය. මෙහි දැක්වෙන සංස්කෘතිමය සංකේතය වන තොරණ ඉදිවන්නේ මුදලාලිගේ සංකල්පයකිනි. එබැවින් තොරණ හා සම්බන්ධ ජාවාරම් ජාලයේ සම්පූර්ණ වූ වාසිය අත්පත් කරගන්නේ ඔහු ය. එහි දී අන් සියල්ලෝම ඔහු යටතේ පාලනය වන්නා වූ පුද්ගලයෝ වෙති. නමුත් උක්ත මුදලාලි චරිතයට ඉහළින් සිටින්නා වූ මන්ත්‍රී වරයා නම් වූ දේශපාලනික චරිතය ලාංකේය දේශපාලනික කරළියේ අඳුරු පැතිකඩ සංකේතවත් කරමින් නිරූපණය වන්නේ ය.
දේශපාලකයා හා ආගමික සබැඳියාව පිළිබඳ නිර්වචන කෙසේ වුවද වත්මන් දේශපාලකයා වනාහී ස්වකීය සුඛ විහරණය උදෙසා ඕනෑම කාර්යයක් කිරීමට පෙළඹෙන්නා වූ පුද්ගලයෙකි. මෙහිදී මුදලාලි වනාහී දේශපාලකයාගේ අතකොළුවක් පමණකි. මෙකී නාට්‍යයේ එක් ජවනිකාවක් මෙකී පීඩිතයා පාලනය නම් වූ ක්‍රියාවලිය ප්‍රබලව උඵහාසයට නතු කරයි. එනම් රූකඩ නැටවීමක් අනුසාරයෙනි. මුදලාලි විසින් පිංහාමි ඇතුළු සෙස්සෝ නටවනා අතර ඊට ඉහළින් මන්ත්‍රීවරයා මඟින් මුදලාලිව නැටවෙනු ලබන්නේ ය. උක්ත ජවනිකාව ප්‍රබල ලෙස සමාජයේ අගතිගාමී ස්ථානයක් විවේචනාත්මකව නිරූපණය කරනු ලබන්නේ ය.
වෙසක් මංගල්‍යය යනු බෞද්ධයාගේ ප්‍රධානතම සැමරීමක් වන්නේ ය. එය ආගමික උත්සවයක් වන බැවින් බෞද්ධයින් විසින් ගෞරව සම්ප්‍රයුක්තව සමරනු ලබන්නෝ ය. නමුත් වර්ථමානය වන විට වෙසක් උත්සවය වනාහී වෙළඳ උපක්‍රමයක්ම වේ. සම්මාදමේ ඇරඹූමේ පටන් වෙසක් තොරණ, පහන් කූඩුව පවා මුදල් ඉපයීමේ මාර්ගයන් වන්නේ ය. බුදු දහම හා සැබැඳි ඇතැම් ආමිස පූජාවන් උදෙසා ටිකට් පතක් ගැනීමට සිදුවන කාලයකි. ඝෝෂාකාරී, පීඩාකාරී හැසිරීම් රටා දක්නට ලැබෙන්නා වූ සැණකෙලි කාලයක් වන්නේ ය. ආගමික සංකල්පය පදනම් කොටගෙන ඊට යටින් දිවෙන්නා වූ ප්‍රබල ජාවාරම් මාලාවකට උල්පත වන්නේ ය.
මුදල් මත පදනම් වූ මිනිසුන් වෙසෙන සමාජයක තොරණ විකිණීම අරුමයක් නොවන්නේ ය. නමුත් මෙකී සංසිද්ධියෙන් ප්‍රකාශිත ගැඹුරු අර්ථය අප වටහාගත යුතු ය. මේ විකිණෙන්නේ වෙනත් කිසිවක් නොව අපම ය. මේ වෙළඳ උපක්‍රමයන් අතර කොටුවන්නේ අපමය. අවසානයේ එහි ගොඳුරු ද අපමය. තමා තමාවම විකිණෙන සමාජයක අපි සියළු දෙනා කොටස්කරුවෝ වන්නෙමු.
සමස්ත නාට්‍යය පුරාවටම සිදු කෙරෙන්නා වූ ප්‍රබලතම සමාජ කතිකාවතක් මඟින් අප ජීවත් වන මෙකී මුදල මත පදනම් වූ සමාජයේ අගතිගාමීත්වය උපහාසයට නතු කරන්නේ ය. ඔබේ හෘද සාක්ෂියට අනුව එය විමසා බැලිය යුතු ය. නාට්‍යයේ අවසානයේ නිරූපිත යකුන් දෙදෙනා මඟින් ඔබේ හෘද සාක්ෂිය සංඛේතාත්මකව නිරූපණය වන බව දැක්විය හැකිය. ඔබත් මමත් ඇතුළු අප සියළු දෙනාම සංස්කෘතිමය සමාජයක් තුළ රැදී සිටින්නෝ වෙමු. මෙකී සංස්කෘතියම යොදාගනිමින් සිදු කෙරෙන්නා වූ ප්‍රබල ජාවාරමක කොටස්කරුවන් ද වී සිටිති. තව දුරටත් මෙකී ජාවාරමේ ගිලෙමින් මතුපිටට සැදැහැවත් උපාසකත්වයක් පෙන්වනා ඊනීයා සදැහැවතෙකු වනවාද නැතහොත් ඔබේ හෘද සාක්ෂිය නම් යක්ෂයාට අවනතව එකී අගතිගාමී සමාජ ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කරනවාද යන තීරණය ඔබ සතු විය යුතු ය.
👏👏👏
ReplyDelete