ති.නා....
සිංහල සිනමාවේ අතීතය මෙන් ම වර්තමානය ද අනාගතයට
ගෙන ගිය විසල් මිනිසෙකුගේ නික්ම යාම පිළිබද පුවත පසුගිය පෙබරවාරි 25 වන දින
(2020.03.25) සැලවිය.ති.නා ආවර්ජනයට මා සිත යොමු වන්නේ ස්වාධීන රූපවාහිනීය හෝ
ස්වර්ණවාහිනිය හෝ කුමන හෝ රූපවාහිනී නාලිකාවක විකාශනය වන බොහොමයක් සිංහල චිත්‍රපට සමග මෙම අකුරු දෙක යාවන නිසාවෙනි.එසේ
වන්නේ ඒ සියලු චිත්‍රපට සංරක්ෂණය කොට ඇත්තේ තිස්ස නාගොඩවිතාන නම් වූ මේ අපූරු මිනිසා බැවිනි. ඔහු මෙම සිනමා නිර්මාණ
සංරක්ෂණය ට අහසින් කඩා පාත් වූවකු නොවේ. ති.නා ගේ අක්මුල් සොය් යාමේ දී ඔහු අපේ අතීත
සිනමාවට කෙතරම් සාධාරණයක් ඉටු කළේ දැයි සාක්ෂි සාධක සපයනු ලැබේ.
1942 ජනවාරි මස ගාල්ලේ නාගොඩදී උපත ලබන තිස්ස
නාගොඩවිතාන ගුරුහරුකම් ලබා ගන්නේ ගාල්ල රිච්මන්ඩ් විදුහලෙනි. අනතුරුව ආර්ථික විද්‍යව ගෞරව උපාධිය
හදාරූ ඔහු , විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු කෙටි කලක් ගුරුවරයෙකු ලෙසින් සේවය කළේය.
ඉන් පසුව නාගොඩවිතානයන් හමුවන්නේ ගායකයෙකු ලෙසිනි.සුසර
දිනාල් හා අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ "Dancing Star" චිත්රපටයෙහි එන , දුෂ්‍යන්ත වීරමන් ගැයූ
"වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකේ ඉදලා ආව කෙල්ලේ " ගීතයෙහි මුල් අයිතිකරුවා තිස්ස නාගොඩවිතාන
ය.1976 දී " සුබ උපන්දිනයක් වේවා" ඔහුගේ මුල්ම ගීත ඇල්බමය එළිදක්වමින් කලා
ක්ෂේත්රයට පියනගන මොහු, පසුව චිත්‍රපට නිශ්පාදනය මෙන්ම අධ්‍යක්ෂණය වෙතත් සිය ගමන්අග යොමු කොට ඇත. ඔහු මුලින් ම මිලට ගෙන ඇත්තේ දෙබස්
කවා ප්‍රදර්ශනය කළ "මනුෂ්‍යත්වය" නම් චිත්‍රපට ය යි.1958 එලෙස නිශ්පාදනය ට අවතීර්ණ වූ නාගොඩවිතානයන් 1981 දී
"කෝලම්කරයෝ" චිත්‍රපටයෙන් නැවත නිශ්පාදනයට මෙන්ම අධ්‍යක්ෂණය ට යොමු වන්නේ සුනිල් ආරියරත්න
සමග සම අධ්‍යක්ෂණය ක් ලෙසිනි.පසුව "කැකිල්ලේ රජ්ජුරුවෝ " නම් සිනමා නිර්මාණය ඔහුගේම අධ්‍යක්ෂණය මෙන්ම නිශ්පාදනයක්
ලෙසින් එළිදැක්වෙන්නේ 1984 දී ය.
මෙලෙස චිත්‍රපට ක්ශේත්‍රය ඔස්සේ අධ්යක්ෂණ මෙන්ම නිශ්පාදන
කාර්යයන්හි නිරත වූ නාගොඩවිතානයන් පසුව තමා උගත් ආර්ථික විද්‍යා දැනුම ද උපයෝගි
කරගනිමින් චිත්‍රපට සංරක්ෂණය ට යොමුවිය.තිස්ස නාගොඩවිතාන , ති.නා ලෙසින් සමීප වන්නේ මෙලෙසින් ය.
අසූව දශකයේ මුල සිට සිය මුදල් වෙන් කරමින් චිත්‍රපට සංරක්ෂණයට
යොමු වූ මොහු , චිත්‍රපට සංරක්ෂණය පිළිබඳව ගිවිසුමක් නීතිගත කිරීම සම්බන්ධව ද මූලිකත්වය ගෙන
කටයුතු කළ දේශීය සිනමා වංශයේ විරුවෙක් ලෙසින්ද සදහන් කළ හැකි ය.මන්ද 1983 ජාතිවාදී
කෝලාහල සමයේ බහුතරයක් පැරණි චිත්‍රපට විනාශ වී යද්දී එය රැකී තිබුණේ
නාගොඩවිතානයන් කළ සේවය නිසා ය .
සිය කාලය ,මහන්සිය ,ධනය ද කැපකරමින් පැරණි චිත්‍රපට නැවත ප්‍රතිසංස්කරණය කොට
තිරගත කිරීම මොහුගේ කාර්යය විය.
අප සැවොටම විවිධ වූ විනෝදාංශ තිබේ.එවන් විනෝදාංශ
ලෙස මුද්දර, පරණ කාසි , පිහාටු,සිප්පි කටු වැනි දෑ එකතු කරන අය පිළිබඳව අප අසා ඇත
. මහැගි පරිදි ති . නා ද එසේය.ඔහු එකතු කළේ පැරණි චිත්‍රපට ය.එය ඉතා දුශ්කර ය . ඉතා ඉක්මනින්
නරක් වන පිටපත් නිසි පරිදි ගබඩා කොට රැකගත යුතු ය.
සමහරෙක් ට අනූව ඔහු බෝතල් පත්තර කරුවෙකු විය
.තව අය සිය නිර්මාණ රැකගනු වස් සිය කැමැත්තෙන් ම ති . නා වෙත භාර කළෝවුන් වූහ.තවත් අය කුණු කොල්ලෙට
සින්මාව විකුණන්නෙකු ලෙස අවජ්ඣාවට ලක කලෝය.කෙසේ මුත් අදත් පැරණි සිනමා පටයක් අපට දැකගත්
හැක්කේ ති.නාගේ සේවය නිසවෙන්මය.
සිංහල චිත්‍රපට පමණක් නොව දුර්ලභ ඉංග්‍රීසි , දෙමළ මෙන්ම
හින්දි චිත්‍රපට ද ඔහු විසි සංරක්ෂණයට ලක් විණි .
60-80 දශක වල සිනමාව ඔප කළ නළුවෙකු වූ බී.එස්.
පෙරේරාගේ පුත් සිනිල් වෙස්ලී දිනක් සරසවිය පුවත්පතෙහි සිය පියා පිළිබඳව තබන සටහනක දී,
" තිස්ස නාගොඩවිතාන ට පිංසිදුවෙන්න තමයි
අද අපේ පැරණි කලාකාරයන් ගේ රූපයක් හරි දකින්නේ" යනුවෙන් සදහන් කර ඇත . එය සැබෑවකි. ලංකාවේ විශාලත ම චිත්‍රපට සංරක්ෂණාගාරය ති. නා සතුය.ඔහු සිය ව්‍යාපාරයක් ලෙස එය
සිදුකළ ද අදාළ චිත්‍රපටය සදහා නිසි වටිනාකමක් දෙනුවස්
එකී මිල නියමය ද සාධාරණය යැයි මට හැගේ.එසේම
ඔහු සිය සහෘදයන් වෙත විවිධ පර්යේෂණ , කලාත්මක කාර්යයන් සදහා පැරණි චිත්‍රපට පිරික්සීම
අවැසි වූ විට කිසිදු පැකිලීමකින් තොරව උදව් කළ අයෙකු බව ද නොරහසකි.
නාගොඩවිතාන සතුවූ ව්‍යාපාරික දැනුම ද මෙහෙයවමින් වත්මන වන
විට ටෙලිවිෂනයට මෙන් ම අන්තර්ජාල හරහාද චිත්‍රපට මුදාහැරීමට
සමත් යාවත්කාලීන මිනිසෙකු ලෙසින් ති. නා හදුනාගත හැකිය.
කුමාරි නාගොඩවිතාන සමග විවාහ වූ තිස්ස නාගොඩවිතානයන්
පුතුන් තිදෙනෙකුගේ පියෙකි.චමිල නාගොඩවිතාන පුතු වෛද්‍යවරයෙක් වන විට හරේන්ද්‍ර නාගොඩවිතාන හා චරිත් නාගොඩවිතාන සිය
පියා ගිය මග යන අයුරු පෙනේ .
ති.නා ගේ නවතම ඉදිරිපත් කිරීමද තව ටික කලකින්
තිරගත වනු ඇත සනත් අබේසේකරයන් විසින් කතාව ,දෙබස්,තිර රචනය හා අධ්‍යක්ෂණය ද සිදු කළ , සංගීත විශාරද එඩ්වඩ් ජයකොඩි ප්‍රධාන චරිතය ට පණ
පොවමින් දායක වන " ගුත්තිල" හරේන් නාගොඩවිතාන හා දිලිනි සිල්වා ගේ නිශ්පාදනය කි.ඉතිං නාගොඩවිතාන පුතුන් පියාගේ නම ඉදිරියට ගෙන යනු ඇත.
එසේ නොවුනත් ති.නා සිංහල සිනමාව අනාගතයට ඉතිරි
කළ අයෙකු ලෙස ද තිර රාමු තුළ සටහන් වනු ඇත.ඉතිං
මතකයත් සමග හෙටත් ති.නා සිනමාවේ රැදෙනු ඇත. සුබ ගමන් ති.නා.

නියමයි නංගි
ReplyDelete