
සටහන | වාරා
මේ දිනවල වල පිරෙනවා. නමුත් ඒ මිනිස්සුන්ගෙන් නොවෙයි. වැස්සෙන්. එබැවින්දෝ මෑතකදී වලේ නාට්‍යයක් දක්නට නොලැබුණි. නමුත් වේදිකාව වර්ෂාවකට සැඟව යන්නක් නොවේ. එමෙන්ම සුවිශේෂී වේදිකා මතකයන්ද වර්ෂාවකට සෝදා දැමිය නොහැකියි. එබැවින් මීට වසර කිහිපයකට පෙර මා ආකර්ශණය කළාවූ එක්තරා නාටකයක් නැවතත් අන්තර්ජාලය ඔස්සේ නැරඹීමේ අවස්ථාවක් මට හිමිවුණි. මේ සටහන තබණුයේ ඒ විශිෂ්ඨ නොමැකෙන මතකයක් මා සිතෙහි සිත්තම් කළාවූ නාට්‍යය පිළිබඳවය.
නමින් එය ග්ලැඩියේටර් ප්‍රේමයයි. නිර්මාණකරු පවසනා පරිදි වැළලුණු අතීත පරම්පරාවට පුදන ප්‍රකාශනයකි. උක්ත නාට්‍යය විශිෂ්ඨ අධ්‍යක්ෂණයකින්ද විශිෂ්ඨ නළු නිළි කැළකගේ රංඟ ප්‍රතිභාවයෙන්ද සපිරෙන්නේය. එබැවින්දෝ එකල ප්‍රේක්ෂකාගාරය දැඩිව ග්‍රහණය කරගත්තාවූ සම්මානලාභී නාට්‍යයක් වන්නේය. ප්‍රියන්ත සිරිකුමාර, විශ්වජිත් ගුණසේකර, නදීශානි වැලිවිට, හර්ෂ තෙන්නකෝන් , සුලෝචනා වීරසිංහ, ගීතා අලහකෝන්, මයුර කාංචන, නදීශානි පේලිආරච්චි, නිලංක දහනායක, දිලීප් කුමාර යන රංගධරයන්ගේ විශිෂ්ඨ රංග ප්‍රතිභාවෙන් එකලු වන මෙය නාමල් ජයසිංහගේ රචනයක් වන අතර ප්‍රසන්න මහගමගේ හා නාමල් ජයසිංහගේ නිර්මාණකරණයක්ද වන්නේය.
එකිනෙකින් ස්වායත්ත සිදුවීම් සතරක් එකම දම්වැලකින් එකට අමුණා ගොඩනැඟුවා වූ ග්ලැඩියේටර් ප්‍රේමය ගතව යන්නාවූ දෙපැයක් පමණ වූ කාලය තුළ ප්‍රේක්ෂකාගාරය එකම හුස්මක සිරකරගෙන තබාගත හැකි ආකාරයේ නිර්මාණයකි. නාට්‍යා්චිත මිත්‍යා ප්‍රබන්ධමය කතාවක් තුළ සූක්ෂම ලෙස සඟවාලූ වැළලී ගිය අතීත තරුණ විප්ලවීය සංහාරයක අත්දැකීම කේන්ද්‍රෙකාටගෙන මිනිසාගේ හෘදයාභ්‍යන්තරයේ තැන්පත් වූ පවුල, පංතිය, පීඩනය, දරිද්‍රතාවය, වැනි විවිධාකරවූ හැඟීම් මානුෂීය ලක්ෂණයන් තුළින් උකහාගෙන ප්‍රේක්ෂකාගාරයට ඉදිරිපත් කිරීමට නිර්මාණකරුවා භාවිතා කළාවූ ක්‍රමවේදයන් අලංකාරය. මෙම නාට්‍යය තුළ ගැබ්වූ දෙබස් ආමන්ත්‍රණය කරනුයේ ප්‍රෙක්ෂකයාගේ මනසය. එක් වචනයක් තුළ අර්ථ ගණනාවක් ගැබ්ව තිබිය හැක්කා සේම ඒ සෑම අර්ථයක් තුළම ප්‍රබල සමාජයීය කියවීමක් ගැබ් කිරීමට නිර්මාණකරුවා සමත්ව තිබුණි.
ප්‍රේමය වනාහී හුදු මානව හැඟීමක් පමණද...? ගැහැණියක් හා පිරිමියෙක් අතර ඇතිවන්නා වූ ශෘංගාර හැඟීමක් පමණද..? නැතහොත් සමාජ නිදහස වෙනුවෙන් සටන් වදිනා නිදහස වෙනුවෙන් මිනීමරන ග්ලැඩියේටර් හදවත් තුළ තැන්පත්වූ හැඟීමක්ද? ග්ලැඩියේටර් ප්‍රේමය තුළ මෙය විමසනු ලබන්නේය. නාට්‍යය ප්‍රධාන ජවනිකා සතරකින් සමන්විත වන්නේය. වසර විසිහයකට පසු සිය විවාහ ජීවිතයේ නිවාඩුවකට පැමිණි යුවළක් ද ඉන්පසු සිය විවාහයේ උණුසුම විඳගැනුමට පැමිණියා වූ නව විවාපත් තරුණ යුවළකින්ද පළමු ජවනිකා යුග්මය සමන්විතය. ඉන්පසු තරුණ විය ඉක්මවාලූ පසු විවාපත් තවත් මැදිවියේ යුවළක් හා ගෙතුණු සිදුවීමකට පසු අවසන් ජවනිකාව ගුණේ හා සිරියා යන නාට්යකරුවන් දෙපළගෙන් සමන්විත වන්නේය. මෙම සම්පූර්ණ නාටකයම දිව යන්නේ කුරුළු පව්ව සමීපයේ පිහිටි එක්තරා හෝටලයකය. එහි වූ කාමර සතරක එකිනෙකට වෙනස් වූ පුද්ගලයින් පිරිසක් මුහුණ දෙන්නාවූ අත්දැකීම් සමුදායක් එකිනෙක අමුණා මෙම කතාව සම්බන්ධ කර තිබේ.
උක්ත සඳහන් පළමු ජවනිකාව ඇරඹෙණුයේ සේනක බීමතින් බිම වැටී සිටිනා දර්ශණයකිනි. මීදුමින් වැසුණු කුරුළු පව්ව මීදුම පහව දුටුව පසු සේනක තුළ අවදි වන්නා වූ හෘද සාක්ෂිය ස්වකීය විසිහය අවුරුද්දක ගෙවී ගිය විවාහ ජීවිතයේ අහිමි වූ මතකයක් තුළ සිරවී වේදනා දීම අරඹන්නේය. පවුල නම් සංස්ථාව තුළ එකී බැඳීම නම් වූ දම්වැල සවිමත් කිරීමට තිබිය යුත්තාවූ ප්‍රේමය ක්‍රම ක්‍රමයෙන් පහව ගොස් ඔවුනට ඔවුන් දෙදෙනා ආදරවන්තයින් නොව සාමාන්‍ය පුද්ගලයින් දෙදෙනෙකු ලෙසින් පෙනෙන්නට පටන් ගත් කල්හී ඉන් අත්වුණාවූ හිස්බවින් ඔහු පීඩා විඳින්නේය. ඔවුන් අතර වූ හිස්බව පුරවනු වස් ඔහු අපේක්ෂා කරනුයේ දරුවෙකි. නමුත් දරුවෙකු නොමැති එකී අසම්පූර්ණ ජීවිතය යනු ඔහුව පත් කර තිබුණේ අතෘප්ත බවකටය. එබැවින්දෝ අතෘප්ත බව හදවත වෙලෙන කල්හී මිනිසා සෑම විටම උත්සහ කරනුයේ ස්වකීය තෘප්තිමත් බව වර්ධනය කරලීමට බැවින් සේනකද කිසිඳා සැබෑ නොවන හීනයක් පසුපස දිව යන්නේය. ඔහුට දරුවෙකු අවැසිය. දරුවා සිල්වියාගේ විය යුතුද? එසේ නොහැකිනම් වෙන අයෙකුගේ වීම බලු ගතියක්ද? සංස්කෘතිය තුළ විවාහය නැමැති බැම්මක සිර කරලූ එකී අතෘප්තිමත් ජීවිතය එම හිස්බවින් මුදා නැවත පිරවිය හැකිද? කුරුළු පව්ව මිහිදුමින් පහව ගිය පසු නිරාවරිත වූයේ සේනකගේ හෘද්‍යාභ්‍යන්තරයේ සිරවී කැළතෙමින් තිබියා වූ එම අතෘප්තකර හැඟීම විය හැකිය. එබැවින්දෝ සිල්වියා හා සේනක අතර විවාහය නැමැති බැම්ම දෙදරා යන්නට මූලික හේතුව විය හැක්කේ මෙම අතෘප්තකර හැඟීමම විය හැකිය.
“ ඔයාට මේ මල් පෝච්චිය පේනවද? - ඔය තියෙන්නේ - ඒක ඔයාගේ අතට ගන්න ඕනේ වුණොත් ඒක හොයන්න ඕනේද? - හොයන්නේ මොකටද ඔය තියෙන්නේ...
මමත් ඒ වගේ සේනක හොයන්න ඕනේ නැතිවුණ දේවල්... මගේ ආයේ හොයන්න දේවල් තිබ්බේ නෑ. මම එහෙමම හිටියා. මගේ නහරවැල් වේලිලා දරදඬු වෙලා කියලා දැණුනාට පස්සෙත් මම එහෙමම හිටියා. බිත්තිවල තිබුණු ඔයාගේයි මගේයි හිනාව පිරිණු පින්තූර දිහා බල බල එහෙමම හිටියා. ඒත් ඔයා..? ඔයා විකාරයක්. මේ කරුමේ අපි දෙන්නට උරුමයි කියලා දැන දැන ඒක හේතුවක් කරගෙන පිස්සුවෙන් වගේ ලෝකේ පුරා දිව්වා...“
දෙවන ජවනිකාව තුළ හමුවන සුපුන් හා නිමාලි නම් වූ පෙම්වතුන් දෙදෙනා ඔබ මම දකිනා වූ පෙම්වතුන් යුවළක්ම වේ. නමුත් ඔවුන්ගේ ප්‍රේමය මඟින් වළදැමුවා වූ සමාජය තුළ උඩුදුවන්නාවූ පිළිකාවක් බඳු පන්ති බේදය කෙදිනක හෝ යළි එම වළදැමූ තැනින්ම දළුළා නොඑනු ඇතැයි උපකල්පණය කළ හැකිද...? මීදුම් පටල හැරගියාවූ කුරුළු පව්ව නිමාලි දුටුවාය. සුපුන්ද දුටුවේය. ඔවුනොවුන් සඟවාලූ පිළිනොගත්තාවූ එම පංති බේදය නම් කුරුළු පව්ව ප්‍රේමයේ මිහිඳුම් සළුවෙන් වසා තිබුණද දිනක එළෙසින් නිරාවරිත වෙනු ඇත. ප්‍රේමය නම් වූ ශෘංගාරික සිහිනයක සිරවී සිටිනා පංතීන් දෙකක පුද්ගලයින් දෙදෙනෙකුට මේ සමාජය තුළ හිස ඔසවා සිටිය හැකිවේවිද? සුපුන් තුළින් නිරූපිත ඉහළ පාන්තිකයා ද නිමාලි තුළින් නිරූපිත එම පන්තියෙන් තැලී පෙළෙන්නාවූ පහළ පාන්තිකයාද අතර පන්ති බේදය හිස ඔසවන්නට වූ කල්හී ප්‍රේමය පෑල දොරින් පළා යන්නේ නම් එය නිශ්චිත වූ ප්‍රේමයක්ම වේද? නැතහොත් එය ඊනියා ප්‍රේමයක් වේද? හුදෙක් පන්ති බේදය නම්වූ රාක්ෂයා මුව අයා සිටිනා සමාජයක් තුළ ප්‍රේමය නම් වූ දයාන්විත හැඟීම් මුදුන්පත්ව නියම මනුෂ්‍යයින් බිහිවිය හැකිද? නැතහොත් අපි සැවොම දිනක නිරාවරණය වන තුරුම මිහිදුම් සළුවකින් සැඟවී ගිය ඊනීයා ප්‍රේමවන්තයින්ම පමණද? මෙම ගැටළු සියල්ලම සමාජය තුළ ශේෂව පවතින්නේය. සමාජය තවමත් පංති බේදය නම් වූ රකුසා මිහිදුම් සළු මඟින් වසා සිටින්නේය.
ඉක්බිති නාටකයේ තෙවන ජවනිකාව ආරම්භවන්නේය. රංජිත් හා නිර්මලා නම් වූ නව විවාපත් යුවළ සිය ජීවිතයේ තරුණ කාලය ඉක්මවූ පසුගාමී යුවළකි. මෙම යුවළ විවාහ දිවියට එක්වන්නේ යෝජනාවක් හරහාය. තමා කිසිසේත්ම නොදන්නාවූ ආගන්තුකයෙකු සමඟ විවාපත් වූ නිර්මලා එම පුද්ගලයාව හඳුනාගන්නේ එකට ජීවත් වීම අරඹන කල්හීදීය. සිය මධුසමය ගෙවනා රාත්‍රියේ හෝටල් කාමරයෙන් කුරුළු පව්ව දකිනා ඇය ඉක්බිති රංජිත්ගේ ආත්මයෙන් ගැලවී ආවා බඳු ග්ලැඩියේටර් තරුණිය ඉදිරිපිට ගැඹුරු භාෂණයක යෙදෙන්නාය. මෙහිදී කුරුළු පව්ව මඟින් සංකේතාත්මක ලෙස දක්වනුයේ රංජිත්ගේ හෘද සාක්ෂිය විය හැකිය. එසේත් නොමැතිනම් රංජිත් ඇගෙන් වසන් කළාවූ සත්‍යය විය හැකිය. නමුත් හොල්මනක් ලෙසින් මතුවන්නා වූ ග්ලැඩියේටර් තරුණිය රංජිත්ගේ මිහිදුම් සළුවෙන් සඟවාලූ ආත්මය නිර්මලා ඉදිරිපිට නිරුවත් කර දමන්නීය. යෝජිත විවාහයකින් බැඳුණා වූ ඔවූහු එකිනෙකා පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබන කල්හී එකී බැදීම තවදුරටත් පවත්වා ගැනීම වනාහී දුෂ්කරම කාර්යයක් වන්නේය. නිර්මලාද රංජිත්ද සිරවන්නේ එම ගැටළුව මධ්‍යයේය. රංජිත්ගේ හෘද සාක්ෂිය තුළ සිරව තිබුණාවූ ඔහුගේ පෙර ප්‍රේමය එලෙසින් නිරාවරිත වන විට පෙර යුවතිය ප්‍රේමයේ නාමයෙන් දරාගත්තාවූ දරුගැබ ඔහු විසින් විනාශ කර දමා ඇයව අතහැර දමන කල්හී රංජිත් නම් එම සමාජයීය පුද්ගලයා සිරවන්නේ වරදකාරී මානසිකත්වයක් තුළය. ඉන් වසර විස්සකට පසු හෙතෙම ගර්භාෂය අහිමි නිර්මලා නම් යුවතිය විවාපත් කරගනුයේද එකී පීඩාව නිසාම විය යුතුය. සමාජයෙන් නිර්මිත සංස්කෘතිය නම් දැල තුළ සිරවූ එම ප්‍රථම ප්‍රේමයට ප්‍රේමයේ නමින් උපදින්නා වූ එම ඵලය පිටතට මුදාලිය නොහැකිය. ප්‍රේමය වෙනුවෙන් නිර්මිත දහසක් නෙත් යොමවූ එරීනාවේ ග්ලැඩියේටර් සටන් බිමක පෙම්වතුන් වූ ඔවූහු ස්වකීය ආත්මාභිමානය උදෙසා එම සටන සිදු කළ යුතුම වේ. එබැවින් එම ඵලය විනාශ කළ යුතුය. එය හෘද සාක්ෂිය එකඟ තීරණයක්ද? ඉනික්බිති වසර ගණනාවකට පසු රංජිත්ගේ හෘද සාක්ෂිය නිරුවත් වූ විට නිර්මලාද ඔහුද අතර ඇති වූ නව බැම්ම ශක්තිමත්ව පැවතිය හැකිද යන්න සැක සහිතය.
ඉනික්බිති කෝලම් නැට්ටුක්කරුවන් වූ ගුණේ හා සිරියා වේදිකාවට සම්ප්‍රාප්ත වන්නෝ ය. මෙම චරිත ද්විත්වය වනාහී ලාංකේය විෂම සමාජයේ නිර්ධන පාන්තිකයින්ගේ ප්‍රතිරූපකයන් වන්නේය. දේශපාලකයාගේ පයට පෑඟුණාවූ පීඩිත පන්තියක ජීවත් වන්නා වූ ඔවූහූ එම පන්තියෙන් හිස ඔසවනු නොහැකිව දිගින් දිගටම නින්දට වැදී සිටින්නෝය. ඔවුනට දර්ශණය වන්නා වූ කුරුළු පව්ව 80 දශකයේ එම තරුණ සංහාරයේ සත්‍යය එළිදරව් කිරීම විය හැක. නැතහොත් එකී මතකය විය හැක. එදා වැපිරී ගියාවූ එම විප්ලවය තුළ දියවී ගිය ජීවිත ගණන කෙතරම්ද? ඉන් අසරණ වූවෝ කෙතෙක්ද? පුතු අහිමි වූ පියවරු කෙතෙක් තවමත් මේ පොළොව මත වැළපෙනවා ඇතිද? පීඩිත පාන්තිකයන් වෙනුවෙන් නැඟී ආ අරගලය අතු සිඳලූ ගසක් ලෙසින් පොළවට පතිත කළ අමන පාලකයින් නැවත දළුලන්නට කිසිඳු පැලයක් ඉතිරි නොකරන්නට ඇත. අහිමිව ගියේ අද දළුලන්නට තිබුණා වූ තරුණ ජීවිත ය. උන් අහිමිව ගියාවූ ඒ සංහාරයට පසු මෙම සමාජය තවදුරටත් නඟාලිය හැකිවේවිද? මේ සියල්ල ගැටළුය. නිර්මාණකරු අප මනසට යොමු කරන්නා වූ ගැටළුය. මේ සියල්ල දෙසම බලා එදා නිදා සිටියවුන් අදත් නිදාගෙන සිටින්නේය.
මේ කුරුළු පව්වට අමුතු රටාවක් ඇත. එය මෙලෙසින් නිරූපණය වන්නේ වසර දහනවයකට වරක්ය. උක්ත නාටකයෙන් කියවෙන වර්ථමානය ඇතැම් විට සමාජය නැවත කියවීමක් සිදු කළ යුතු කාලය විය හැකිය. එකී කාලය තුළ ඔබ නිදා සිටිය යුතුද නැතහොත් ඔබ අවදි වී මෙම සමාජයට මුහුණ දෙන්නා වූ ග්ලැඩියේටර් වරයෙකු විය යුතුයැයි තීරණය කළ යුත්තේ ප්‍රේක්ෂක ඔබම මිස වෙන අයෙකු නොවේ. ඉතින් දයාබර ප්‍රේක්ෂකයෙනි, එරීනාවේ සටන් වළල්ල සැකසී ඇත. ප්‍රේමය වෙනුවෙන් සටන් කළ යුත්තේ නුඹමය. එබැවින් ග්ලැඩියේටර්වරයෙකු ලෙසින් එරීනාවට පිවිසීමට ඔබ වෙළී සිටිනා නින්දෙන් අවදිවිය යුත්තේය.මේ දිනවල වල පිරෙනවා. නමුත් ඒ මිනිස්සුන්ගෙන් නොවෙයි. වැස්සෙන්. එබැවින්දෝ මෑතකදී වලේ නාට්‍යයක් දක්නට නොලැබුණි. නමුත් වේදිකාව වර්ෂාවකට සැඟව යන්නක් නොවේ. එමෙන්ම සුවිශේෂී වේදිකා මතකයන්ද වර්ෂාවකට සෝදා දැමිය නොහැකියි. එබැවින් මීට වසර කිහිපයකට පෙර මා ආකර්ශණය කළාවූ එක්තරා නාටකයක් නැවතත් අන්තර්ජාලය ඔස්සේ නැරඹීමේ අවස්ථාවක් මට හිමිවුණි. මේ සටහන තබණුයේ ඒ විශිෂ්ඨ නොමැකෙන මතකයක් මා සිතෙහි සිත්තම් කළාවූ නාට්‍යය පිළිබඳවය.
නමින් එය ග්ලැඩියේටර් ප්‍රේමයයි. නිර්මාණකරු පවසනා පරිදි වැළලුණු අතීත පරම්පරාවට පුදන ප්‍රකාශනයකි. උක්ත නාට්‍යය විශිෂ්ඨ අධ්‍යක්ෂණයකින්ද විශිෂ්ඨ නළු නිළි කැළකගේ රංඟ ප්‍රතිභාවයෙන්ද සපිරෙන්නේය. එබැවින්දෝ එකල ප්‍රේක්ෂකාගාරය දැඩිව ග්‍රහණය කරගත්තාවූ සම්මානලාභී නාට්‍යයක් වන්නේය. ප්‍රියන්ත සිරිකුමාර, විශ්වජිත් ගුණසේකර, නදීශානි වැලිවිට, හර්ෂ තෙන්නකෝන් , සුලෝචනා වීරසිංහ, ගීතා අලහකෝන්, මයුර කාංචන, නදීශානි පේලිආරච්චි, නිලංක දහනායක, දිලීප් කුමාර යන රංගධරයන්ගේ විශිෂ්ඨ රංග ප්‍රතිභාවෙන් එකලු වන මෙය නාමල් ජයසිංහගේ රචනයක් වන අතර ප්‍රසන්න මහගමගේ හා නාමල් ජයසිංහගේ නිර්මාණකරණයක්ද වන්නේය.
එකිනෙකින් ස්වායත්ත සිදුවීම් සතරක් එකම දම්වැලකින් එකට අමුණා ගොඩනැඟුවා වූ ග්ලැඩියේටර් ප්‍රේමය ගතව යන්නාවූ දෙපැයක් පමණ වූ කාලය තුළ ප්‍රේක්ෂකාගාරය එකම හුස්මක සිරකරගෙන තබාගත හැකි ආකාරයේ නිර්මාණයකි. නාට්‍යා්චිත මිත්‍යා ප්‍රබන්ධමය කතාවක් තුළ සූක්ෂම ලෙස සඟවාලූ වැළලී ගිය අතීත තරුණ විප්ලවීය සංහාරයක අත්දැකීම කේන්ද්‍රෙකාටගෙන මිනිසාගේ හෘදයාභ්‍යන්තරයේ තැන්පත් වූ පවුල, පංතිය, පීඩනය, දරිද්‍රතාවය, වැනි විවිධාකරවූ හැඟීම් මානුෂීය ලක්ෂණයන් තුළින් උකහාගෙන ප්‍රේක්ෂකාගාරයට ඉදිරිපත් කිරීමට නිර්මාණකරුවා භාවිතා කළාවූ ක්‍රමවේදයන් අලංකාරය. මෙම නාට්‍යය තුළ ගැබ්වූ දෙබස් ආමන්ත්‍රණය කරනුයේ ප්‍රෙක්ෂකයාගේ මනසය. එක් වචනයක් තුළ අර්ථ ගණනාවක් ගැබ්ව තිබිය හැක්කා සේම ඒ සෑම අර්ථයක් තුළම ප්‍රබල සමාජයීය කියවීමක් ගැබ් කිරීමට නිර්මාණකරුවා සමත්ව තිබුණි.
ප්‍රේමය වනාහී හුදු මානව හැඟීමක් පමණද...? ගැහැණියක් හා පිරිමියෙක් අතර ඇතිවන්නා වූ ශෘංගාර හැඟීමක් පමණද..? නැතහොත් සමාජ නිදහස වෙනුවෙන් සටන් වදිනා නිදහස වෙනුවෙන් මිනීමරන ග්ලැඩියේටර් හදවත් තුළ තැන්පත්වූ හැඟීමක්ද? ග්ලැඩියේටර් ප්‍රේමය තුළ මෙය විමසනු ලබන්නේය. නාට්‍යය ප්‍රධාන ජවනිකා සතරකින් සමන්විත වන්නේය. වසර විසිහයකට පසු සිය විවාහ ජීවිතයේ නිවාඩුවකට පැමිණි යුවළක් ද ඉන්පසු සිය විවාහයේ උණුසුම විඳගැනුමට පැමිණියා වූ නව විවාපත් තරුණ යුවළකින්ද පළමු ජවනිකා යුග්මය සමන්විතය. ඉන්පසු තරුණ විය ඉක්මවාලූ පසු විවාපත් තවත් මැදිවියේ යුවළක් හා ගෙතුණු සිදුවීමකට පසු අවසන් ජවනිකාව ගුණේ හා සිරියා යන නාට්යකරුවන් දෙපළගෙන් සමන්විත වන්නේය. මෙම සම්පූර්ණ නාටකයම දිව යන්නේ කුරුළු පව්ව සමීපයේ පිහිටි එක්තරා හෝටලයකය. එහි වූ කාමර සතරක එකිනෙකට වෙනස් වූ පුද්ගලයින් පිරිසක් මුහුණ දෙන්නාවූ අත්දැකීම් සමුදායක් එකිනෙක අමුණා මෙම කතාව සම්බන්ධ කර තිබේ.
උක්ත සඳහන් පළමු ජවනිකාව ඇරඹෙණුයේ සේනක බීමතින් බිම වැටී සිටිනා දර්ශණයකිනි. මීදුමින් වැසුණු කුරුළු පව්ව මීදුම පහව දුටුව පසු සේනක තුළ අවදි වන්නා වූ හෘද සාක්ෂිය ස්වකීය විසිහය අවුරුද්දක ගෙවී ගිය විවාහ ජීවිතයේ අහිමි වූ මතකයක් තුළ සිරවී වේදනා දීම අරඹන්නේය. පවුල නම් සංස්ථාව තුළ එකී බැඳීම නම් වූ දම්වැල සවිමත් කිරීමට තිබිය යුත්තාවූ ප්‍රේමය ක්‍රම ක්‍රමයෙන් පහව ගොස් ඔවුනට ඔවුන් දෙදෙනා ආදරවන්තයින් නොව සාමාන්‍ය පුද්ගලයින් දෙදෙනෙකු ලෙසින් පෙනෙන්නට පටන් ගත් කල්හී ඉන් අත්වුණාවූ හිස්බවින් ඔහු පීඩා විඳින්නේය. ඔවුන් අතර වූ හිස්බව පුරවනු වස් ඔහු අපේක්ෂා කරනුයේ දරුවෙකි. නමුත් දරුවෙකු නොමැති එකී අසම්පූර්ණ ජීවිතය යනු ඔහුව පත් කර තිබුණේ අතෘප්ත බවකටය. එබැවින්දෝ අතෘප්ත බව හදවත වෙලෙන කල්හී මිනිසා සෑම විටම උත්සහ කරනුයේ ස්වකීය තෘප්තිමත් බව වර්ධනය කරලීමට බැවින් සේනකද කිසිඳා සැබෑ නොවන හීනයක් පසුපස දිව යන්නේය. ඔහුට දරුවෙකු අවැසිය. දරුවා සිල්වියාගේ විය යුතුද? එසේ නොහැකිනම් වෙන අයෙකුගේ වීම බලු ගතියක්ද? සංස්කෘතිය තුළ විවාහය නැමැති බැම්මක සිර කරලූ එකී අතෘප්තිමත් ජීවිතය එම හිස්බවින් මුදා නැවත පිරවිය හැකිද? කුරුළු පව්ව මිහිදුමින් පහව ගිය පසු නිරාවරිත වූයේ සේනකගේ හෘද්‍යාභ්‍යන්තරයේ සිරවී කැළතෙමින් තිබියා වූ එම අතෘප්තකර හැඟීම විය හැකිය. එබැවින්දෝ සිල්වියා හා සේනක අතර විවාහය නැමැති බැම්ම දෙදරා යන්නට මූලික හේතුව විය හැක්කේ මෙම අතෘප්තකර හැඟීමම විය හැකිය.
“ ඔයාට මේ මල් පෝච්චිය පේනවද? - ඔය තියෙන්නේ - ඒක ඔයාගේ අතට ගන්න ඕනේ වුණොත් ඒක හොයන්න ඕනේද? - හොයන්නේ මොකටද ඔය තියෙන්නේ...
මමත් ඒ වගේ සේනක හොයන්න ඕනේ නැතිවුණ දේවල්... මගේ ආයේ හොයන්න දේවල් තිබ්බේ නෑ. මම එහෙමම හිටියා. මගේ නහරවැල් වේලිලා දරදඬු වෙලා කියලා දැණුනාට පස්සෙත් මම එහෙමම හිටියා. බිත්තිවල තිබුණු ඔයාගේයි මගේයි හිනාව පිරිණු පින්තූර දිහා බල බල එහෙමම හිටියා. ඒත් ඔයා..? ඔයා විකාරයක්. මේ කරුමේ අපි දෙන්නට උරුමයි කියලා දැන දැන ඒක හේතුවක් කරගෙන පිස්සුවෙන් වගේ ලෝකේ පුරා දිව්වා...“
දෙවන ජවනිකාව තුළ හමුවන සුපුන් හා නිමාලි නම් වූ පෙම්වතුන් දෙදෙනා ඔබ මම දකිනා වූ පෙම්වතුන් යුවළක්ම වේ. නමුත් ඔවුන්ගේ ප්‍රේමය මඟින් වළදැමුවා වූ සමාජය තුළ උඩුදුවන්නාවූ පිළිකාවක් බඳු පන්ති බේදය කෙදිනක හෝ යළි එම වළදැමූ තැනින්ම දළුළා නොඑනු ඇතැයි උපකල්පණය කළ හැකිද...? මීදුම් පටල හැරගියාවූ කුරුළු පව්ව නිමාලි දුටුවාය. සුපුන්ද දුටුවේය. ඔවුනොවුන් සඟවාලූ පිළිනොගත්තාවූ එම පංති බේදය නම් කුරුළු පව්ව ප්‍රේමයේ මිහිඳුම් සළුවෙන් වසා තිබුණද දිනක එළෙසින් නිරාවරිත වෙනු ඇත. ප්‍රේමය නම් වූ ශෘංගාරික සිහිනයක සිරවී සිටිනා පංතීන් දෙකක පුද්ගලයින් දෙදෙනෙකුට මේ සමාජය තුළ හිස ඔසවා සිටිය හැකිවේවිද? සුපුන් තුළින් නිරූපිත ඉහළ පාන්තිකයා ද නිමාලි තුළින් නිරූපිත එම පන්තියෙන් තැලී පෙළෙන්නාවූ පහළ පාන්තිකයාද අතර පන්ති බේදය හිස ඔසවන්නට වූ කල්හී ප්‍රේමය පෑල දොරින් පළා යන්නේ නම් එය නිශ්චිත වූ ප්‍රේමයක්ම වේද? නැතහොත් එය ඊනියා ප්‍රේමයක් වේද? හුදෙක් පන්ති බේදය නම්වූ රාක්ෂයා මුව අයා සිටිනා සමාජයක් තුළ ප්‍රේමය නම් වූ දයාන්විත හැඟීම් මුදුන්පත්ව නියම මනුෂ්‍යයින් බිහිවිය හැකිද? නැතහොත් අපි සැවොම දිනක නිරාවරණය වන තුරුම මිහිදුම් සළුවකින් සැඟවී ගිය ඊනීයා ප්‍රේමවන්තයින්ම පමණද? මෙම ගැටළු සියල්ලම සමාජය තුළ ශේෂව පවතින්නේය. සමාජය තවමත් පංති බේදය නම් වූ රකුසා මිහිදුම් සළු මඟින් වසා සිටින්නේය.
ඉක්බිති නාටකයේ තෙවන ජවනිකාව ආරම්භවන්නේය. රංජිත් හා නිර්මලා නම් වූ නව විවාපත් යුවළ සිය ජීවිතයේ තරුණ කාලය ඉක්මවූ පසුගාමී යුවළකි. මෙම යුවළ විවාහ දිවියට එක්වන්නේ යෝජනාවක් හරහාය. තමා කිසිසේත්ම නොදන්නාවූ ආගන්තුකයෙකු සමඟ විවාපත් වූ නිර්මලා එම පුද්ගලයාව හඳුනාගන්නේ එකට ජීවත් වීම අරඹන කල්හීදීය. සිය මධුසමය ගෙවනා රාත්‍රියේ හෝටල් කාමරයෙන් කුරුළු පව්ව දකිනා ඇය ඉක්බිති රංජිත්ගේ ආත්මයෙන් ගැලවී ආවා බඳු ග්ලැඩියේටර් තරුණිය ඉදිරිපිට ගැඹුරු භාෂණයක යෙදෙන්නාය. මෙහිදී කුරුළු පව්ව මඟින් සංකේතාත්මක ලෙස දක්වනුයේ රංජිත්ගේ හෘද සාක්ෂිය විය හැකිය. එසේත් නොමැතිනම් රංජිත් ඇගෙන් වසන් කළාවූ සත්‍යය විය හැකිය. නමුත් හොල්මනක් ලෙසින් මතුවන්නා වූ ග්ලැඩියේටර් තරුණිය රංජිත්ගේ මිහිදුම් සළුවෙන් සඟවාලූ ආත්මය නිර්මලා ඉදිරිපිට නිරුවත් කර දමන්නීය. යෝජිත විවාහයකින් බැඳුණා වූ ඔවූහු එකිනෙකා පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබන කල්හී එකී බැදීම තවදුරටත් පවත්වා ගැනීම වනාහී දුෂ්කරම කාර්යයක් වන්නේය. නිර්මලාද රංජිත්ද සිරවන්නේ එම ගැටළුව මධ්‍යයේය. රංජිත්ගේ හෘද සාක්ෂිය තුළ සිරව තිබුණාවූ ඔහුගේ පෙර ප්‍රේමය එලෙසින් නිරාවරිත වන විට පෙර යුවතිය ප්‍රේමයේ නාමයෙන් දරාගත්තාවූ දරුගැබ ඔහු විසින් විනාශ කර දමා ඇයව අතහැර දමන කල්හී රංජිත් නම් එම සමාජයීය පුද්ගලයා සිරවන්නේ වරදකාරී මානසිකත්වයක් තුළය. ඉන් වසර විස්සකට පසු හෙතෙම ගර්භාෂය අහිමි නිර්මලා නම් යුවතිය විවාපත් කරගනුයේද එකී පීඩාව නිසාම විය යුතුය. සමාජයෙන් නිර්මිත සංස්කෘතිය නම් දැල තුළ සිරවූ එම ප්‍රථම ප්‍රේමයට ප්‍රේමයේ නමින් උපදින්නා වූ එම ඵලය පිටතට මුදාලිය නොහැකිය. ප්‍රේමය වෙනුවෙන් නිර්මිත දහසක් නෙත් යොමවූ එරීනාවේ ග්ලැඩියේටර් සටන් බිමක පෙම්වතුන් වූ ඔවූහු ස්වකීය ආත්මාභිමානය උදෙසා එම සටන සිදු කළ යුතුම වේ. එබැවින් එම ඵලය විනාශ කළ යුතුය. එය හෘද සාක්ෂිය එකඟ තීරණයක්ද? ඉනික්බිති වසර ගණනාවකට පසු රංජිත්ගේ හෘද සාක්ෂිය නිරුවත් වූ විට නිර්මලාද ඔහුද අතර ඇති වූ නව බැම්ම ශක්තිමත්ව පැවතිය හැකිද යන්න සැක සහිතය.
ඉනික්බිති කෝලම් නැට්ටුක්කරුවන් වූ ගුණේ හා සිරියා වේදිකාවට සම්ප්‍රාප්ත වන්නෝ ය. මෙම චරිත ද්විත්වය වනාහී ලාංකේය විෂම සමාජයේ නිර්ධන පාන්තිකයින්ගේ ප්‍රතිරූපකයන් වන්නේය. දේශපාලකයාගේ පයට පෑඟුණාවූ පීඩිත පන්තියක ජීවත් වන්නා වූ ඔවූහූ එම පන්තියෙන් හිස ඔසවනු නොහැකිව දිගින් දිගටම නින්දට වැදී සිටින්නෝය. ඔවුනට දර්ශණය වන්නා වූ කුරුළු පව්ව 80 දශකයේ එම තරුණ සංහාරයේ සත්‍යය එළිදරව් කිරීම විය හැක. නැතහොත් එකී මතකය විය හැක. එදා වැපිරී ගියාවූ එම විප්ලවය තුළ දියවී ගිය ජීවිත ගණන කෙතරම්ද? ඉන් අසරණ වූවෝ කෙතෙක්ද? පුතු අහිමි වූ පියවරු කෙතෙක් තවමත් මේ පොළොව මත වැළපෙනවා ඇතිද? පීඩිත පාන්තිකයන් වෙනුවෙන් නැඟී ආ අරගලය අතු සිඳලූ ගසක් ලෙසින් පොළවට පතිත කළ අමන පාලකයින් නැවත දළුලන්නට කිසිඳු පැලයක් ඉතිරි නොකරන්නට ඇත. අහිමිව ගියේ අද දළුලන්නට තිබුණා වූ තරුණ ජීවිත ය. උන් අහිමිව ගියාවූ ඒ සංහාරයට පසු මෙම සමාජය තවදුරටත් නඟාලිය හැකිවේවිද? මේ සියල්ල ගැටළුය. නිර්මාණකරු අප මනසට යොමු කරන්නා වූ ගැටළුය. මේ සියල්ල දෙසම බලා එදා නිදා සිටියවුන් අදත් නිදාගෙන සිටින්නේය.
මේ කුරුළු පව්වට අමුතු රටාවක් ඇත. එය මෙලෙසින් නිරූපණය වන්නේ වසර දහනවයකට වරක්ය. උක්ත නාටකයෙන් කියවෙන වර්ථමානය ඇතැම් විට සමාජය නැවත කියවීමක් සිදු කළ යුතු කාලය විය හැකිය. එකී කාලය තුළ ඔබ නිදා සිටිය යුතුද නැතහොත් ඔබ අවදි වී මෙම සමාජයට මුහුණ දෙන්නා වූ ග්ලැඩියේටර් වරයෙකු විය යුතුයැයි තීරණය කළ යුත්තේ ප්‍රේක්ෂක ඔබම මිස වෙන අයෙකු නොවේ. ඉතින් දයාබර ප්‍රේක්ෂකයෙනි, එරීනාවේ සටන් වළල්ල සැකසී ඇත. ප්‍රේමය වෙනුවෙන් සටන් කළ යුත්තේ නුඹමය. එබැවින් ග්ලැඩියේටර්වරයෙකු ලෙසින් එරීනාවට පිවිසීමට ඔබ වෙළී සිටිනා නින්දෙන් අවදිවිය යුත්තේය.
Comments
Post a Comment