අහිමි පෙම

 


අහිමි පෙම

දුම්රියෙහි වේගය ක්රමයෙන් අඩුවී ගියේ .මෙතෙක්වෙලා  අලුයම ලා එළිය  අතරෙන්,පිබිදෙන ගම් නගරමැද්දෙන් හැල්මේ දිවගිය යකඩ සත්ත්වයාඅවසානයේ හති වැටී සිටින අයුරක් දිස්විය . රාත්රීදඩයම් සොයායාමෙන් පසු ආපසු සිය වාසභවනයටපැමිණෙන දැවැන්ත උරගයෙකු සේ , එය දුම්රියස්ථානයේ පියස්ස යටින් නැවතුම් වේදිකාව කරාපිවිසියේ . සමගම දුම්රිය මැදිරි තුළ මදඅන්ධකාරයක් පැතිර ගියෙන් , මගීහූ තම තමන්ගේබඩු බාහිරාදිය අතට ගැනීමට යුහුසුළු වූහ.ඉතාසෙමින් ඉදිරියට ඇදීගිය දුම්රිය අවසන දෙවෙනිවේදිකාවේ නතර විය.මගීහූ එකිනෙකා පරයමින්තෙරපෙන දුම්රියෙන් බැස වේදිකාවට ගොඩවන්නටවූහ.විටෙක එකිනෙකා ගැටෙන මගීන් අතර ක්ෂණිකවචන හුවමාරුද ඇති නොවුණානොවේ.සාමාන්යයෙන් එදිනෙදා කටයුතු වලටදුම්රිය භාවිත කරන මගීන් හට , මෙය කාර්යබහුලතවත් සතියක ආරම්භයකි.

මේ කිසිදු කලබගෑනියකට සම්බන්ධ නොවීමීටස්වල්ප මොහොතකට පෙර නින්දෙන් මිදී ක්රියාකාරීවීමට දඟලන මිනිස් පොදිය දෙස උපේක්ෂාවෙන් බලාසිටියෙකු  එහි විණි.ඔහු වාඩිවී සිටි මැදිරිය තිබුණේතුන්වන පන්තියේ මැදට වන්නට . මැදිරියේපැමිණි  කිසිවෙකු හෝ ඔහු කවරෙක්දැයි දැනනොසිටියෝ ඔවුන්ගෙන් කිසිවෙකුටවත් එය දැනගැනීමට වුවමනාවක්ද නොවිණි.මන්ද යත් ,එයින්සිදුවන මිනිත්තු කිහිපයක පමාව පවා,මාසයඅවසානයේ ලැබෙන සොච්චමට තවත් රුපියල්ගණනකින් අඩුකිරීමට හේතුවිය හැකි බැවිනිදුම්දමන කඩල කූඩයක් වමතින් රැගෙන පෙට්ටි ගාණේපැමිණි කඩල වෙළෙන්දාට පවා,අඩුම ගණනේඔහුගෙන් ව්යාපාරික වැදගත්කමක් හෝනොපෙනුණේ .

මේ දුම්රියේ ගමනාන්තය බැවින් ඔහු බැසීමටකලබල කළේ නැත.ඉක්මනින් මේ යකඩ පෙට්ටියෙන්පිටවූවා කියා කරන්නට වැඩක් ඇති බවක්ද ඔහුකෙරෙන් විද්යාමාන නොවුණි.පෙනෙන මානයේ සිටිඅන්තිම මගියාද දුම්රියෙන්  බැසගත් පසු ,හේ නැගීසිටියේ .උදෑසන පටන් තමා පානය කරමින් පැමිණි ප්ලාස්ටික් ජල බෝතලය සුරතට ගත් හෙතෙම ,එයසිය සුවිසල් ගමන් බෑගයේ පැති පොකට්ටුවේරැඳවූයේ මදක් තදබද කිරීමෙන් පසුව .දුම්රියමැදිරියේ දොරකඩට පැමිණි හේ , වේදිකාවටපයතැබීමට පෙර ,වේදිකාවේ දෙපස හොඳයිනිරීක්ෂණය කළේ .ජීවන සටන උදෙසා පොරපිටියටදුවන දහස් සංඛ්යාත හිස් ගොඩවල් අතර , තමන්කිසිවෙකුගේ අවධානයට ලක් නොවෙන බව හෙතෙමසැකහැර දැනගන්නා බව පෙනිණි.එසේ නැතහොත්ඔහු මේ කාර්යබහුල නගරයට අමුත්තෙක් විය යුතු.

ග්‍රීෂ්මය පිස හමා ආ උණු හුළං රැල්ල ,ඉඳුරාම අරා ආ කාලයේ වග ගැනමුත් නිනව්වක් නොමැති පරිද්දෙන් හේ මන්දෝත්සාහී ගමනක් අරඹන්නට විණි.බියරයෙහි සැර බාල කරනු වස් එක්කළ අයිස් කැබලිති පරිද්දෙන්, වේදනාවෙන් පරිපීඩිත සිත සොම්නසින් ඔද්දල් වන්නා හා සම හැඟීමකින් පුරා හෝරා කීපයක් ගෙවමින් ආ ගමන දැනෙන්නට විණ.

    මහා පාළුවක්, තනිකමක් මෙන්ම කුසගින්නක්ද හේ පීඩිත විය.වෘද්ධ පය ඉක්මන් කොට, ටැක්සියක් සොයා ගැනීමට පළමුව කුසගින්නත්,දැඩි පවසත් නිවාගන්නට තෝරාගත් එක් වීදියක් දිගේ ඇවිද යන්නට විය.සැබවින්ම ඒ ඔහුගේ සුපුරුදු කෑම කඩය පිහිටි ඉසව්වයි.අදින් වසර විස්සකට එහා අතීතයකට ඔහු ඇවිදිමින් සිටියේය. එකමල්ගුඩියෙහි සිරි ඉසිලූ තිරුවන්නාතපුරම් අද එකසීරුවට කාර්යබහුල වී ඇති සෙයකි. අඩහෝරාවකට මත්තෙන් 'ශ්‍රී ලාම් විලාස්' හින්දියෙන් ලියන ලද විශාල නාම පුවරුවකින් යුත් දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිරියේ ඔහු නැවතුණි.

බැලූ බැල්මට එය දැන් සුවිසල් හෝටලයකි.පෙර එදවසට නෑකම් කියූ කිසිවක් එහි නොවීය.සියල්ලම නවීන පන්නයේය.අවන්හලේ කෙළවරේම වූ හුදෙකලා මේසයකට බරදී වේටර්වරයෙකු එනතෙක් යළි යළිත් යටගියාවේම කිමිදෙන්නට විය.ඇසිල්ලකින් ලත් උණු උණු වඩේ දීසියත්,සාම්බාරුත්,අඹ ලැසි වීදුරුවත්; සියල්ල හමුවේ කුසගින්න තවත් ඇවිළුණ මුත් වළදැමූ යටගියාව ගොඩගන්නට ආ ගමනෙහි පෙර තිබූ සියලු වෙර දැන් දැන් සිඳෙමින් පවතින්නේ යැයි ඔහුට හැගෙන්නට විය. රසය නම් පෙර පරිදිමය.මෙතරමට මෙහි අහරෙහි රස ඔහු හා බැඳී ගියේ ඈ නිසාමය.සිහිලැති අඹ ලැසි උගුරක් පවා උගුර හරහා යන වාරයක් පාසා ලෝදිය සෙයින් ඔහුට හැඟුණි.

        භරත නාටය්‍යම්,අරංගේත්‍රම් උපත භාරතයය.ඈ උපතින්ම මිටින් ගෙනා ආ අපූරු කුසලතාවය. ඈ හා ඔහු මුණ නොගැසෙන්නට අද සියල්ලක් පෙර පරිදිම වන්නට තිබුණි.ඔහු අශෝක. භරත නාට්‍යයම් පිළිබඳ  ඔහුගේ විශ්වවිද්‍යාල අවසන් වසර පර්‍යේෂණය වෙනුවෙන් එකල්හි ඉන්දියාවට පය තබන්නේ භාව,රාග,තාල ත්‍රිත්වයෙන් සැදුම්ලත් භරත නාට්‍යයම් වූ කලී කිදාබැස පිරික්සීමට තරම් භාවනාවක් ලෙසින් ඔහු සිත් ගත් නිසාවෙන්මය.මෙකළ පරිද්දෙන්  නොදියුණු වූ  එදවස පර්‍යේෂණයකට කරුණු සෙවීම සිතූ තරමින් පහසු නොවීය.හතු පිපෙන්නාක් පරිද්දෙන් නාට්‍ය පාසල්,රංගායතන අද මෙන් එදා නොවීය.

           ඕ මධුමතීය.හින්දු ජාතික යොවුන් අරංගේත්‍රම් ශිල්පිනියකි. කතානායකයා ඔහු හා ඈ, මුල්වරට හමුවූයේ ඔහුගේ මේ පර්‍යේෂණයට අක්මුල් සොයමින් යනතරය.සිංහල ඌරුව ගැනවත් මෙලෝ නිනව්වක් නොමැති වුණු ඕ හා අදහස් හුවමාරුවකින් තොරවම විශ්ව භාෂාවක් පරිද්දෙන් වූ ප්‍රේමයෙහි ඔවුනොවුන්  බැඳුනි.

         නිතඹ දක්වාම කඩා හැළුණු කෙහෙරැල්ල, වල ගැසුණු කම්මුල්,ඡවිවර්ණයෙන් ඈටම උරුම වූ සම...තවත් අටුවාටීකා කුමකටද?මිහිබට සුරඟනක් පරිද්දෙන් ඕ දුටු මුල්ම දවස.දෙගම්මැදියාවකට අතරමංව ජීවිතයේ මේ ඉසව්ව කරා ඕ රැගෙන ආවේ කවර නම් පුදුමයකින්දැයි ඔහු සිතන්නට විය.අවසානයේ තුන්කොන් ප්‍රේමයක පරාජිතයෙක් වන්නට සිදුවුණත් ඉන් ලද මානසික වේදනාව,සියල්ල අහිමි විණැයි හැඟිම මඩින්නට ඔහු සතු වෑයම කිසිවිටෙකත් ප්‍රමාණවත් නොවිණි.

        අරංගේත්‍රම් ප්‍රසංග බොහොමයක් ඔහු නැරඹීය.  ජව,රේඛා,භ්‍රාමරී,ශ්‍රම,මේධා,ශ්‍රද්ධා ආදී වූ මෙකී නොකී රංග ලාලිත්‍යයෙන් හෙබි මධුමතී කෙරෙන් අමුතු සුන්දරත්වයක් හේ දුටුවේය.ලද ඇසිල්ලක් පාසා ඈ හමුවන්නට,කතා කරන්නට දැරූ උත්සාහය සපත කරමින් ඕ ද ඔහු හා මිතුරු විය.දෙදෙනාගේම සිත්හි අප්‍රකාශිත ව වැඩුනු ප්‍රේමය දෙදෙනාටම නොරහසක් විය.ශ්‍රී ලාම් විලාස් හි  බූන්දි,මුරුක්කු,වඩේ මෙන්ම ගුලාබ් ජමූන් ඇගේ ප්‍රියතම අහර විය.ඔවුන්ගේ බොහෝ හමුවීම්,කතා වලට වහල ශ්‍රී ලාම් විලාස් විය.

                 ****************

        අහර කිස නිමවා රාත්‍රිය එළඹීමට පෙරාතුව  හේ පුටුවෙන් නැගී හුන්නේ යන්නට ආ ගමන වෙනුවෙන් ඉතිරි සියළු වෙරද එක්කරමිනි.යා යුතු ගමනාන්තය දන්වා ටැක්සියේ අසුනට බරඳී විසිරුණු සිතුවිලි එක්තැන් කරන්නට හේ වෑයම් දැරීය.ඉහළ පැලැන්තියක වූ මධුමතී හා ඔහු අතර ඇතිවූ ප්‍රේමය නවතාලන්නට ඔවුන් අතරට තුන් වැන්නෙක් වූ රාජේෂ් ගෙන ආවෙ මධුමතීගේම පියාය.සියල්ල අතහැර ලංකාවට ඒම දක්වා සිදුවූ සිද්ධි දාමය හදවතේ ගැඹුරුතම කොන පාරන්නා හා සම ගැඟුමකින් දවාලන්නට විය.ඉඳින් සියල්ල හමුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ව නැවතත් සිසුන් වෙනුවෙන් ඔහුගේ පර්‍යේෂණයේ පිටු එකින් එක පෙරළන අතරතුර, ප්‍රසිද්ධ රංග පාසලක් හා එහි ප්‍රවීණ ආචාර්‍යවරියක් වූ මධුමතී පිළිබඳ පුවත ඔහු නෙත ගැටුනේ ඇඳහිය නොහැකි පරිද්දෙනුයි.ප්‍රේමය වූ කලී පරිත්‍යාගය,විශ්වාසය හා අනෙකාගේ යහපත වෙනුවෙන් අත්හැරීම මුත්, මධුමතී දකිනු රිසියෙන් ඔහු තුළ මැඩිය නොහැකි සිතුවිල්ලක් පහළ වීමේ අවසන, ප්‍රතිඵලය මෙම ගමනයි.

             රාත්‍රිය එළඹ තිබුණෙන් ගමනාන්තය කරා එළඹියත් වටපිටාව හඳුනාගැනීම අසීරු විය.ඒ අසලම වැසූ ගොඩනැගිල්ලක දිළිසෙන විදුලි බුබුළෙන් වූ නාම පුවරුවෙන් නිවැරදි ම ස්ථානය යැයි ඔහු හඳුනාගත්තේය.අසල වූ මුරකුටියට තමා ආ කාරණය දැන්වූ හෙතෙම කල් මරන්නට වූයේ  ආ ගමන නිෂ්ඵලදෝයි යළි යළිත් සිතමිනි.ඔහු වෙනුවෙන් දැවැන්ත ගේට්ටුව විවර විය.හදිසියේම ප්‍රාදූර්භූත වුනු මේ නන්නාදුනන්නා දෙස අනෙකුන් බලා හිඳියේ කුහුලෙනි.තෙලිඟු ගීයක්,සුපුරුදු පිච්ච මල් සුවඳක්,අතීතයේ පුරුදු ලෙන්ගතුකමක් ඔහුට දැනෙන්නට විය.

සැහැල්ලු කුර්තාවකින් සැරසුනු ඕ....." අ...ශෝක...තවමත් නොගිලිහෙමින් පවතින නුහුරු සිංහලෙන් අමතන්නට විය.කියන්නට බොහෝ දේ ඇතිමුත්  වචන දෙක තුනකට වඩා නොදෙඩූ  නිහඬ හෝරාවකට පසුව "මං යන්නම් මධූ"

"අශෝක....පවුලේ අය...? "මට පවුලක් නෑ මධූ....මං අදටත් තනිකඩයි..." කොපුල් මත්තෙන් රූරා වැටෙන කඳුළු බිඳිති ඔහේ ගලා හැලෙන්නට ඉඩදී....

"දන්නවද අශෝක?රාජේෂ් මගෙ ජීවිතෙන් යන්නම ගියා...ඒ ආදරේ සල්ලි විතරයි...ඒ වේදනාවෙන් අප්පා නැති වුනා....මගේ ජීවිතේ මං නැගිටින්න පටන් ගත්තෙ එතනින්.."  ' මධූශෝක අරංගේත්‍රම්මගෙහීනෙ,ඇකඩමිය...ඒ වේදනාවේ මහන්සියෙ ප්‍රතිඵලේ.....ඉඳින් ප්‍රාණ සම හා කළ අදින් වසර විස්සකට එහා වළ දැමූ අතීතය වෙනුවෙන් නවතින්නෙම්ද?මධුමතී සොයා ආවේ ඕ දකිනු රිසියෙන් මුත් මේ ඛේදාන්තය අසන්නට නොවෙයි.විඳවන වරක් පාසා "මධූ සතුටෙන්....ඒ ඇති..."ගින්දර පුළිඟු තරමට උණු වුණු වේදනාව මැඩලූයේ එපරිද්දෙනුයි...නමුත් සිදුව ඇත්තේ අනෙකකි.ඒත් යළිත් අතීතයට හැරෙනු නොකැමති හේ "මධූ මම ගිහින් එන්නම්...." සියල්ල හමුවේ නිරුත්තර වූ ඕ.....කවරක් පවසන්නද? කඳුළටම ඉඩදෙනු මිසක.....

 

                       නිමි

 

 

S.S.M.අරුණි චතුරිකා සෙනෙවිරත්න 

AND031

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Comments

Post a Comment