තිස්ස විජේසුරේන්ද්‍ර දිවි සිනමාව

✒️විනෝදි වින්ධ්‍යානි
✳️ඉංජිනේරු පීඨය | 17
🔰පේරාදෙණිය විශ්වවිද්‍යාලය
සිංහල සිනමාවේ ප්‍රවීණ අසහාය රංගධර තිස්ස විජේසුරේන්ද්‍රයන් අද (මැයි 11, 2020) ජීවන රඟමඩලින් සමුගෙන ගියේ සිය දිවියේ හැත්තෑ එක්වන මං සලකුණ පසු කර මසක් ගතවන මොහොතකදීයි. උපන්නන් අතර මතකයේ සදා රැඳෙන්නන් අතළොස්සට එක්වන්නට තරම් තිස්ස විජේසුරේන්ද්‍ර නම්වූ ඔහු හෙළ සිනමාව වෙනුවෙන් කළ කී දෑ නොකියා මඟහරින්නට නොහැකි බැව් නිසැකය.
වර්ෂ 1949යේ අප්‍රියෙල් මස 3 වන දින කොළඹදී උපත ලැබූ තිස්ස විජේසුරේන්ද්‍රයන්ගේ පියා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වුණා. කොළඹ නාලන්ද විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ ඔහු වෛද්‍යවරයෙකු වීමට සුදුසුකම් ලබනවා. එහෙත් කලාවට තිබුණු ලැදියාව නිසාවෙන්ම ඒ අතැර රංගන ශිල්පියෙකු වීමට තීරණය කරනවා.
පාසැල්වියේදී සිය මාමාගෙන් ලැබූ ආභාසයද ඊට හේතුවක් වන්නට ඇති. අමතර පන්තිවලට සහභාගිවීමේ පහසුව නිසාම පාසැල් වියේදී ඔහු නවාතැන්ගෙන සිටියේ බම්බලපිටියේ විසූ තම මාමාගේ නිවසේයි. කලාව සිය දෛවයේ ලියවී තිබූහෙයින්දෝ ඒ මාමා සේවයෙහි නියුතු වූයේ එවකට මෙරට ප්‍රකට චිත්රාගාරයක් වූ “ලංකා චිත්‍රාගාරයේ” (Ceylon Theaters)යි. තිස්ස විජේසුරේන්ද්‍රයන් ප්‍රථමවරට චිත්‍රපටයක් සඳහා තෝරාගනු ලබන්නේද එහිදීයි.
තිස්ස විජේසුරේන්ද්‍රයන්ගේ මංගල සිනමා ආගමනය සිදුවන්නේ 1971 දී තිරගත වූ “කළණ මිතුරෝ” චිත්‍රපටය හරහායි. කිංග්ස්ලි රාජපක්ෂයන්ගේ අධ්‍යක්ෂණයක් වූ එය සුප්‍රසිද්ධ බොලිවුඩ් චිත්‍රපටයක් වන “Dosthi” හි ප්‍රතිනිර්මාණයක් විය. සිය ප්‍රථම රංගනය වූ චිත්‍රපටයේම ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට තරම් ඔහු වාසනාවන්ත වුණා.
කෙසේ වුවත් තිස්ස විජේසුරේන්ද්‍ර නම් චරිතය ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයාට මුලින්ම සමීප වනුයේ රංජිත් ලාල් ශූරීන්ගේ අධ්‍යක්ෂණයක් වූ “නිම් වළල්ල” චිත්‍රපටය තුළිනුයි. ඒ ඔහු රඟපෑ දෙවන චිත්‍රපටය වූ “නිම් වළල්ල”, “කළණ මිතුරෝ” චිත්‍රපටයට පෙර 1970 දී තිරගත වීම නිසායි.
ඉන්පසු “පූජිතයෝ” (1971) සහ “සමනල කුමාරියෝ සමඟ අපි කවදත් සූරයෝ” (1971) යන චිත්‍රපට ද්විත්වය ඔහුගේ රංගන කෞෂල්යයයෙන් වර්ණවත් වූවා. තිස්ස විජේසුරේන්ද්‍ර සිනමා දිවියේ ආදායම් වාර්තා බිඳහළ ප්‍රථම චිත්‍රපටය(The first box office record) මාලිනී ෆොන්සේකා සමඟ ඔහු ප්‍රධාන චරිතය රඟපෑ “සුහද පැතුම” චිත්‍රපටයයි. එතැන් පටන් තිස්ස-මාලිනී යුගයකින් හෙළ සිනමාව වර්ණ ගන්වමින් ප්‍රේක්ෂක සිත් ඇද බැඳගත් ජනප්‍රිය නිර්මාණයන් රැසක් අපට දායාද කළ මේ තරු යුවල ශ්‍රී ලාංකීය සිනමා වංශකතාවේ එක් පරිච්ඡේදයක් තමන් නමට ලියවා ගන්නට සමත් වුණා. හැත්තෑව දශකය පුරාවටම රිදීතිරයේ ආදරණීයම, ජනප්‍රියම ප්‍රේමවන්තයන් යුවල වෙමින් ඔවුන් “සධානා”(1975), “නීලා”(1977), “රන් කුරුල්ලෝ”(1979) ආදී චිත්‍රපට රැසකටම සිය රංගන කෞෂල්‍යය මුසු කළා.
චිත්‍රපට රාශියකම අපූර්ව ප්‍රේමණීය ජවනිකා රැසකට සිය රංගන ප්‍රතිභාව මුසුකළ තිස්ස විජේසුරේන්ද්‍රයන් ඒ නිසාම “හැත්තෑව දශකයේ සිංහල සිනමාවේ ආදරවන්තයා” ලෙසින් අභිසෙස් ලබමින් සිනමාලෝලීන්ගේ නොමඳ ආදරයට පාත්රවුණා. ගීතා කුමාරසිංහ, නීටා ප්‍රනාන්දු, ජෙනිටා සමරවීර වැනි රංගන ශිල්පිනියන් රැසක්ම ඔහු සමඟ රිදී තිරයේ ප්‍රේමයට පණ දුන්නා.
විජය කුමාරණතුංග, ගාමිණී ෆොන්සේකා සහ ටෝනි රණසිංහ ඔහුගේ සිනමා දිවියේ ප්‍රකට සමකාලීනයන් වුණා. සිය ආරම්භක චිත්‍රපටයේ පටන් රඟපෑ සෑම චිත්‍රපටයකම “ප්‍රධාන චරිතය” ලෙසින් සිය රංගන දායකත්වය ලබාදීමට තරම් භාග්‍යවත් වූ එකම ශ්‍රී ලාංකීය රංගන ශිල්පියා වීම තිස්ස විජේසුරේන්ද්‍රයන්ගේ රංගන දිවියේ තවත් එක් සුවිශේෂත්වයක්.
1983 දී ඔහු, සෝනියා දිසා සමඟ රංගනයෙන් දායක වූ “සෙනෙහසක කඳුළ” චිත්‍රපටය ඔහුගේ අද්විතීය රංගන ප්‍රතිභාව ප්‍රකට කළ තවත් එක් චිත්‍රපටයක්. එහි ඔහු රඟපෑ ආදිවාසී චරිතය සම්මාන සඳහා පවා නිර්දේශ වූවද කුමක් හෝ හේතුවකට එය නොලැබී ගියා. එය ඔහුට යම් සිත් තැවුලක් ගෙන දුන්නත්, ඒ සියල්ල පරදා ප්‍රේක්ෂක හදවතේ ලැගුම්ගත් ආදරණීය රංගන ශිල්පියා වන්නට ඔහු වාසනාවන්ත වුණා.
එදා මෙදාතුර චිත්‍රපට රාශියකින් සිය රංගන ප්‍රතිභාව කලඑළි දැක්වූ තිස්ස විජේසුරේන්ද්‍රයන් “නිම් වළල්ලේ”(1970) පටන් “සුපිරි අන්දරේ”(2014) දක්වා හද බැඳි නිර්මාණ රැසකින් රසික හදවතට සමීප වුණා. “කළණ මිතුරෝ”(1971), “සුහද පැතුම”(1973), “සුරේඛා”(1974), “ලසඳා”(1974), “පෙම් කුරුල්ලෝ”(1975), “ලස්සන කෙල්ල”(1975), “නෑදෑයෝ”(1976), “නීලා”(1977), “සිතක සුවඳ”(1978), “ජීවන කඳුළු”(1979), “අනූෂා”(1979), “සෙනෙහසක කඳුල”(1983), “බඹසර බිසව්”(1993), “වියරු ගැහැණියක්”(1997), “දඩබිම”(2000) ඉන් කිහිපයක් පමණයි,
තිස්ස විජේසුරේන්ද්‍ර නම් වූ අසහාය රංග පෞරුෂය හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන මං සලකුණක් බැව් කියන්නට තවත් නම් සාක්ෂි අවැසි නැතැයි සිතමි.
රිදීතිරයට නොදෙවෙනිව සැබෑ දිවියේද සැබෑම ආදරවන්තයෙකු, ස්වාමිපුරුෂයෙකු වූ තිස්ස විජේසුරේන්ද්‍රයන්ගේ ආදරණීය බිරිඳ වූයේ සාවිත්‍රි විජේසුරේන්ද්‍ර නම් වූ ඇයයි. ඔවුන් දෙපළ ආදරණීය දියණියන් තිදෙනෙකුගේම දෙමාපියන් වන්නටත් වරම් ලැබුවා.
සුවහසක් රසික සිත්සතන් ආදරයෙන් සනසා ලූ ඒ සොඳුරු කලාකරුවාණන්, ඒ ආදරණීය හදවත්වල ආදරය ද රැගෙන අද අප අතැර නික්මෙන්නට නියමිතයි, යළි නොඑන්නටම.
අත රැඳි වෙද නළාව අතැර නළුකම වැළඳගන්නා තරමටම කලාවට ආදරය කළ සොඳුරු ආදරවන්තයාණෙනි, ඔබට සුභ ගමන්!

Comments
Post a Comment