ක්ලියෝපැට්‍රාගේ දරුවෝ
සටහන : යසසුරු ජයවර්ධන
වෛද්‍ය පීඨය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
ඊජිප්තුවේ සත්වන ක්ලියෝපැට්‍රා හට දරුවන් සතර දෙනකු විය. ඉන් එක් අයෙක් ජූලියස් සීසර්ට දාව ද, අනෙක් තිදෙනා මාක් ඇන්තනිට දාව ද උපන්හ. ටොලමයික රාජවංශයේ අවසන් රැජිනිය වූ ඇය සිය මාලිගයේ අතිශය සුඛෝපභෝගී දිවියක් ගතකළා ය. ක්‍රි.පූ. 31 දී ඇක්ටියම් හි නාවික සටනේ දී ක්ලියෝපැට්‍රා සහ මාක් ඇන්තනි, ඔක්ටේවියන් අතින් පරාජයට පත්වීමත් සමග ඇගේ මෙම සුඛෝපභෝගී දිවිය අවසන් විය. පසුව අධිරාජයා වීමෙන් අනතුරුව ඔගස්ටස් සීසර් යනුවෙන් හැඳින්වුණු මෙම ඔක්ටේවියන් සිය සතුරන්ට කිසිදු අනුකම්පාවක් පෙන්වූයේ නැත. මාක් ඇන්තනිව පරාජය කොට සිය විජයග්‍රහණයේ සංකේතයක් ලෙස ක්ලියෝපැට්‍රාව රෝමයට ගෙනයාමට ඔහු අදහස් කළේ ය. පුරාතන මූලාශ්‍ර අනුව, ඔහුට මෙම අරමුණ සාක්ෂාත් කරගත නොහැකිවූයේ ක්‍රි.පූ. 30 දී ඇන්තනි සහ ක්ලියෝපැට්‍රා සියදිවි හානි කරගත් නිසායි. මෙම ක්‍රියාව නිසා ඔවුන් දෙපළගේ දරුවන් තවදුරත් අනාරක්ෂිත වූ අතර ඔවුනට රැකවරණය සැලසීමට කිසිවෙක් නොවූහ.
ක්ලියෝපැට්‍රාගේ වැඩිමහල් පුත්‍රයා ක්‍රි.පූ. 47 ජූනි 23 දින උපත ලැබී ය. ඔහු ගයස් ජූලියස් සීසර්ගේ පුත්‍රයා වූ බැවින් ඔහුව අමතන ලද්දේ සිසේරියන් යන නාමයෙනි. මෙහි අර්ථය "පුංචි සීසර්" යන්නයි. ඔහුගේ සම්පූර්ණ නාමය ලෙස පහළොස්වන ටොලමි ෆිලොපේටර් ෆිලොමීටර් සීසර් යන නාමය සඳහන් වේ. ඊජිප්තුවේ ටොලමයික රාජවංශයේ අවසන් රජු වන්නේ ද සිසේරියන් ය. ඔහු සිය මෑණියන් සමග ක්‍රි.පූ. 44 සැප්තැම්බර් 2 දින රාජ්‍ය පාලනය ඇරඹී ය. සිය පුත්‍රයා ඔහුගේ පියා සේම මහා අධිරාජයකු වනු ඇතැයි ක්ලියෝපැට්‍රා අපේක්ෂා කළා ය. ඔහුව සිය අනාගත කාර්‍යභාරය සඳහා සූදානම් කරවීමේ අරමුණින් ඔහුට අධ්‍යාපනය ලබාදීම සඳහා විශිෂ්ටතම ගුරුවරුන් යොදවන ලදී.
ක්‍රි.පූ. 30 අගෝස්තු 12 දින සිය මවගේ මරණින් අනතුරුව ද, සිසේරියන් පාලන පදවිය හොබවන්නට ඇති බැව් පෙනේ. කෙසේනමුත් දින එකොළහකට පසුව ඔක්ටේවියන්ගේ නියෝග අනුව ඔහුව මරාදැමිණි. සිසේරියන්ගේ මරණයත් සමග ඔක්ටේවියන් හට රෝමයේ සිහසුනට පැවති එකම අභියෝගය ද මෙසේ ඉවත් විය.
සිසේරියන් හට සොහොයුරන් දෙදෙනකු විය: එනම් ඇලෙක්සැන්ඩර් හීලියෝස් (ග්‍රීක “සූර්යයා”) සහ ටොලමි ෆිලඩෙල්ෆස් ය. ඇලෙක්සැන්ඩර් හීලියෝස් ක්ලියෝපැට්‍රාගේ දෙවන පුත්‍රයායි. ක්‍රි.පූ. 34 දී ඔහුට “රජුන්ගේ රජු” යන විරුද නාමය ලබාදෙන ලදී. ඔහුගේ දෙමාපියෝ ඔහුව ආර්මේනියාව, පාර්තියාව, මීඩියාව සහ යුප්‍රටීස් සහ ඉන්දු ගංගා අතර ප්‍රදේශයේ අනාගතයේ යටත් කරගනු ලබන රටවල පාලකයා ලෙස නම් කිරීමට තීරණය කළහ. ක්‍රි.පූ. 33 දී, ඇලෙක්සැන්ඩර් සහ මීඩියා ඒට්‍රොපැටීනියෙහි පළමුවන ආර්ටවැස්ඩීස් රජුගේ දියණිය වූ ලොටාපා කුමරිය අතර විවාහ ගිවිස ගැනීම සිදු විය.
ක්ලියෝපැට්‍රාගේ තෙවන් පුත්‍රයා වූ ටොලමි ෆිලඩෙල්ෆස් ක්‍රි.පූ. 36 සැප්තැම්බරයේ උපත ලැබී ය. ක්‍රි.පූ. 34 වර්ෂයේ පසු භාගයේ දී ඔහුව සිරියාව, ෆීනීෂියාව, සහ සිසිලියාව යන රටවල පාලකයා ලෙස නම්කෙරිණි. මෙම කුමරුන්ගේ යුධ සේවයන් හෝ දේශපාලන දිවිය පිළිබඳ පුරාතන මූලාශ්‍රවල සඳහන් නොවේ. එසේම ඔහු සඳහා වූ කිසිදු විවාහ සැලසුම් පිළිබඳ වාර්තා හමුනොවන හෙයින් මෙම කුමරුන් වැඩිවියට පත්වීමට පෙර මියයන්නට ඇතැයි සිතිය හැක.
ඔක්ටේවියන් ඊජිප්තුව ආක්‍රමණය කළ පසු ඔහු ඇලෙක්සැන්ඩර්ගේ දිවි බේරූ නමුත්, ඇන්තනී සහ ක්ලියෝපැට්‍රාගේ සියලු දරුවන් රෝමය වෙත ගෙනයාමට කටයුතු යෙදී ය. සිය විජයග්‍රහණය සමරමින් පෙරහැරක් සංවිධානය කළ ඔහු සිය ජය සංකේතය ලෙස ඊජිප්තු රැජිනගේ දරුවන් රන් යදමින් බැඳ වීථි දිගේ රැගෙන ගියේ ය. මෙම දරුවන් සමග හස්තයෙහි නාගයකු දරාසිටින අයුරින් නිර්මිත ඔවුන්ගේ මෑණියන්ගේ දළ රුවක් ද පෙරහැරින් රැගෙන යන ලදී. ඔක්ටේවියන් මෙම දරුවන් සිය වැඩිමහල් සොහොයුරිය මෙන්ම මාක් ඇන්තනීගේ හිටපු භාර්‍යාව ද වූ ඔක්ටේවියා මයිනර් හට භාර කළේ ය. ඔවුහු ඔක්ටේවියාගේ දරුවන් සමග හැදීවැඩුණෝ ය.
කැසියස් ඩියෝ නම් ලේඛකයා සිය "රෝමයේ ඉතිහාසය" නම් ග්‍රන්ථය තුළ සඳහන් කොට ඇත්තේ මෙලෙස රෝමයට පැමිණියේ නිවුන් දරුවන් දෙපළ පමණක් බවයි. ඒ අනුව රෝමයට එන ගමන තෙක් ටොලමි ෆිලඩෙල්ෆස් ජීවත් වූයේද යන පැනය මතුවේ. ඇතැම්විට ඔහු ක්‍රි.පූ. 29 ශීත ඍතුවේ දී රෝගීව මියයන්නට ඇත. ඇලෙක්සැන්ඩර් හීලියෝස් ඇතැම්විට සිය නිවුන් සොහොයුරිය වූ ක්ලියෝපැට්‍රා සෙලීනි (ග්‍රීක "චන්ද්‍රයා") සමග රෝමය හැරයන්නට ඇත.
ඊජිප්තුවේ අවසන් රැජින වූ ක්ලියෝපැට්‍රාගේ දරුවන් අතුරින් ඇගේ එකම දියණිය වූ ක්ලියෝපැට්‍රා සෙලීනි ශ්‍රේෂ්ඨ දෛවයකට උරුමකම් කීවා ය. ක්‍රි.පූ. 26 සහ 20 අතර කාලයේ දී ඔගස්ටස් අධිරාජයා ඇගේ විවාහය නුමීඩියාවේ ජුබා රජුට තීන්දු කළේ ය. මෙම යුවළ මෝරිටේනියාවේ ශ්‍රේෂ්ඨතම පාලකයන් අතුරින් දෙදෙනකු ලෙස සැලකේ. ඔගස්ටස්, විවාහ ත්‍යාගයක් ලෙස ක්ලියෝපැට්‍රා සෙලීනි හට විශාල දායාදයක් පවරා දුන් හෙයින් ඇය රෝමයට පක්ෂපාතීව කටයුතු කළා ය. ක්‍රි.පූ. 46දී ජුබාගේ රාජධානිය රෝමයේ පළාතක් බවට පත්වූ හෙයින්, ඔහු රාජධානියක් නොමැති රජකු බවට පත් විය. මේ නිසා මෙම විවාපත් යුවළ එකල රෝමයේ මෙහෙයවීම අවැසිව පැවති අසංවිධිත භූමි භාගයක් වූ මෝරිටේනියාව වෙත යවන ලදී.
මේවන විට ටොලමයික රාජවංශයේ එකම ජීවත්වූ සාමාජිකාව වූයේ ක්ලියෝපැට්‍රා සෙලීනි ය. සිය නව රාජධානියේ අගනගරය තුළ සිය මෑණියන්ගේ නමින් ස්මාරක සහ දේවස්ථාන ඉදි කිරීමට ඇය කටයුතු කළා ය. ඔවුහු සිය අගනගරය සිසේරියා ලෙස නම්කළහ. (වත්මන් ඇල්ජීරියාවේ චර්චෙල් ප්‍රදේශයයි) ඔවුන්ගේ පාලන කාලය තුළ මෝරිටේනියානු රාජධානිය මධ්‍යධරණී කලාපයේ අපනයන සහ වෙළඳ කටයුතුවල වැදගත් මධ්‍යස්ථානයක් විය. නගරයෙහි වූ ගෘහ නිර්මාණවල ග්‍රීක, රෝම, සහ ඊජිප්තු ශෛලීන්ගේ සම්මිශ්‍රණයක් දක්නට ලැබිණි.
ක්ලියෝපැට්‍රා සෙලීනි සහ දෙවන ජුබා හට දරුවෝ දෙදෙනෙක් වූහ. ඉන් එක් දියණියකගේ නාමය සඳහන් නොවේ. ඇතැම් පර්යේෂකයන් පවසන්නේ මෙම තැනැත්තිය මෝරිටේනියාවේ ඩෘසිලා නැමැත්තිය බවයි. නමුත් උක්ත නම සඳහන් ස්ත්‍රිය මෙම රාජකීය යුවළගේ මිණිපිරියක වීමට ද පුලුවන. ඔවුන්ගේ පුත්‍රයා වූ මෝරිටේනියාවේ ටොලමි පිළිබඳ තරමක තොරතුරු හමුවේ. ක්‍රි.ව. 40දී මෝරිටේනියාවේ ටොලමිගේ මරණයත් සමග ටොලමයික රාජවංශයේ අවසානය සනිටුහන් විය.
ක්ලියෝපැට්‍රා සෙලීනිගේ මරණය සිදුවූ දිනය නොදනී. ඇගේ නාමය අවසන් වරට හමුවන්නේ ක්‍රි.ව. 17ට අයත් කාසියකිනි. මයිටිලීනියෙහි ක්‍රිනගෝරස් නම් ග්‍රීක කතුවරයාගේ ලඝු කාව්‍යය තුළින් ක්ලියෝපැට්‍රා වර්ණනා කෙරෙන්නේ යැයි සැලකේ. ඉන් ඇගේ මරණය සිදුවූ දිනය පිළිබඳ යම් අවබෝධයක් ලබාගත හැක. එම කාව්‍යය මෙසේ ය:
"සඳ අඳුරුවූවා ය,
හිරුබැස යන කල නැගෙන;
රැයෙහි සිය සෝදුක් වසාලූවා ය ඈ,
ඇගේ නම ඇති සෙලීනී නම් නිරුද්ධ, රුවැත්තිය දුටු හෙයින්,
හේඩිස් වෙත බට,
ඇය සමග ඇගේ ආලෝකය ද රැගෙන ගියා ය;
ඇගේ මරණයත් සමඟ ඇගේම අඳුරක ගිලීගියා ය."
මෙම කාව්‍යය තාරකා විද්‍යාත්මකව නිරවද්‍ය නම් එමඟින් ක්ලියෝපැට්‍රා සෙලීනිගේ මරණය සිදුවූ දිනය හඳුනාගත හැක. ක්‍රි.පූ. 3, 7, 10, 11, සහ 14 යන වර්ෂවල චන්ද්‍රග්‍රහණ සිදුව ඇත. හිටපු ඊජිප්තු පුරාවිද්‍යා අධ්‍යක්ෂ සාහි හවාස්ට අනුව නම් ක්ලියෝපැට්‍රා සෙලීනිගේ මරණය ක්‍රි.ව. 8 දී සිදු විය. ඇගේ දේහය වත්මන් ඇල්ජීරියාවේ පිහිටි මෝරිටේනියානු රාජකීය සොහොන්ගැබේ
තැන්පත් කෙරිණි. එහි තිබී මෝරිටේනියාවේ රජු සහ රැජින වූ ජුබා සහ ක්ලියෝපැට්‍රා පිළිබඳ සඳහන් ශිලා ලේඛනයක කොටසක් ද හමුව ඇත.
![]() |
| සිසේරියන්, "Unravel the Mystery" ක්ලියෝපැට්‍රා ප්‍රදර්ශනයෙනි. |
අධිරාජ්‍යයක සිහිනය

දෙවියන්ගේ පුත්‍රයෝ

චන්ද්‍රයාගේ දියණිය
![]() |
| පුරාතන මෝරිටේනියානු රාජධානියේ කාසියක්; ඉදිරිපස නුමීඩියාවේ දෙවන ජුබා ද, පසුපස දෙවන ක්ලියෝපැට්‍රා සෙලීනි ද නිරූපිත ය. |

| දෙවන ජුබා සහ ඔහුගේ බිරිඳ ක්ලියෝපැට්‍රා සෙලීනිගේ සොහොන්ගැබ; ටිපාසා, ඇල්ජීරියාව. |
සටහන : යසසුරු ජයවර්ධන
වෛද්‍ය පීඨය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

පට්ට❤️❤️
ReplyDeleteසුපිරි 😋😋😋😋
ReplyDelete❤Niyamai yase
ReplyDelete