හමන සුලගත් අපි නොදැකපු යටගියාවක අරුමය තුරුල් කරගෙන මුදු හැගුම් තුල ගලා යයි .අතිතය සෑම අයෙකුගේම ජිවිතයේ අඩිතාලමයි. ඵෙතිහාසික පුරාවෘත්ත අතර සැගවුනු සමහර සිදුවිම් දන්නා සිදුවිමෙන් හාත්පසින් වෙනස් විය හැකිය. කතාවක් බිහිවිමට චුල කතා රැසක එකතුවක් හේතු වනු ඇත. ඒවා ඉතාම හැගිම්බර ඒවා විය හැකිය වාල්මිකිගේ රාමායනය තුලින් අපි හැදිනු රාවනා රජුගෙ ඉතිහාසය තුලද සැගවුන එක්තරා චුල කතාවක් හදවතේ සියුම් නහරධාරාවෝ ස්පර්ශ කරමින් හෘද මස්තකයේ චිත්තාරූඩ කරන්නට වසන්ත දුක්ගන්නාරාල කලාකරුවාගෙ පද වැලත්, එකි පද වැල සද්භාවයේ උපත දිමට සමත් අකලංක පනාපිටියගේ සහ ශෂිකා නිසංසලාගේ සෟන්දර්යාත්මක ලයාන්විත කටහඩත් , මා නොවෙයි ඒ රාවනා ගිතය තුල අපිව රාවනා රජුගේ නොදුටු ඉතිහාසය තුල පන පොවයි..
සෑම අයෙකුම දකින පුද්ගලයාම නොවේ. සිතන්නටවත් නොහැකි තරමට වෙනස් පුද්ගලයෙකු විය හැකිය. රාවනා රජුද දුශ්ට , රෞද පාලකයෙකි. නමුත් ඔහුගෙ අපි නොදැකපු ප්‍රේමාන්විත බව ගිතය පුරාවට භාවාන්විත වි ඇත.
මා නොවෙයි ඒ රාවනා
ගිතයේ සමාරම්භයේම නැගෙන ජන ආභාශය ලැගුම්ගත් සංගිතය මත්තේ පන ගැහෙන හා නොවේ ඒ රාවනා යන , වචනාර්ථය තුලම රාවනා වනාහි රෞද රජෙක් පමණක් නොවන බව ගෝචර වී ඇත.
මා නොවෙයි ඒ රාවනාප්රේමයෙන් මං නැහැ වුනාමිදුමක් සේමිමුරෙන් මිදෙනා.......
රාවනා පෙම්වතෙකි. සත්තකින්ම ප්‍රේමයට පන පෙවු උත්තුංග මිනිසෙකි. මිමුරෙන් හමන සුලග ඉතා මෘදුය. නො කිලිටිය.එකි මිහිදුම මෙන්ම රාවනා රජුද ප්‍රේමය තුල මෘදු පැවතුම් ඇත්තෙකි. නිකැලැල් පෙම්වතෙකි. ඔහුගෙ හදවතේ ලැගුම්ගත් ඇය මන්දෝදරියයි. ඇයගේ ආදරයෙන් මත් වි උන් රාවනා දුෂ්ටයැයි සම්මත පපුතුරක පන නැගෙන පෙම්වතෙකි.
හිත බින්ද දුනුදිය ඇද්දෙ නැ මාඔබ ලගින් හිදිනාමන්දෝදරි සැලූනාතාම නාඩා ඉන්නෙ ඇයි මා
තමන්ගෙ හදවතේ පාරිශුද්ධත්වයෙන්ම පෙම් කරනා පෙම්වතාට අන් ස්ත්රියකගෙ බැල්මකුදු වැටිට පෙම්වතියකට දරාගත නොහැක්කකි. ස්ත්‍රි ලාලිත්වය තුලම ගිලන් වු එකි දුර්වලතාවය මන්දෝදරියද සතුය. ඇයගෙ. ස්වාමියා සීතා නම් වෙන ස්ත්‍රියක රැගෙන පලා ගොසින්ය. ඇයගෙ හිත දුකින් වැසි ඇත.. මන්දෝදරිය සැලෙන්නාය. එහෙත් ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පාදපරිචාරිකාවකි. මන්ද යත් ඇය හිත බින්ද වේදනාවට දුනු ඊතල අතට ගත්තෙ නැත. රන්ඩු කරේ නැත. ඇය රාවනාගෙන් මිදි අතැර ගියේද නැත. ආදරය දිනා ගැනිමේ අරගල ඇය නොකරන්නිය. ඇය මහාමේරුවක් සේ සියල්ල විද දරා ගන්නිය. ඔහු ලගින් හිදින්නිය. සියලූ වේදනා මැද ඇය නාඩා හිදින්නිය. ලේ නහර කකාරා එන වේදනාව කදුලක් බවට
පත්නොවන්නට තරම් හිතේ ආත්ම ශක්තිය ඇය සතුය. තාම නාඩා ඉන්නෙ ඇයි මා. ඇය සිතෙන් අසන්නේ මං තවම අඩන් නැ ඒත් ඒ ඇයි. මෙපමන වේනාවක් කදුලක් නොවන්නෙ ඇයි..?
ඔටුන්නෙන් ගිලිහි සැලෙනාමැනික් ගල් අහුලාසයනයට පිට දි බිසවුන්ඇස් පියා සිටියා...
තම පෙු්මියව තම පන මෙන් විශ්වාසයක් රාවනා රජු සතුය. නමුත් ඇය සියල්ල ඉවසන අයුරු ඔහුටද ගැටලූවකි. රජෙකුගෙ වටිනාම ධනය තම රාජ්‍යත්වයයි. රාජ්‍යත්වයේ සංකේතය ඔටුන්නයි. නමුත් රාවනාගෙන් සිදු වු වරද තුල රාජ්‍යත්වයට කැලැලක් සිදු වි ඇත. ඔටුන්නෙහි මැනික් එකිනෙක බිම වැටෙන බව පවසමින් රචකයා එය ඉදිරිපත් කර තිබේ. එපමනක්ද. මන්දෝදරිය ලබන සමාජ අපවාද. හමුවේ ඇයගේ අභිමානය ගිලිහෙයි. ඇයගෙ ඔටුන්නෙ මැනික් ගිලිහුනත් ඇය ඒවා ඒවා තමා සන්තකයේ තබා ගැනිමට උත්සහ ගනි. රජු එය දකියි. ඇය කෙතරම් ඉවසිමක් සහිතද. සියලූ වේදනා අබිමුව ඇය තනිවු සයනයට පිට දි ඇස් පියා සිටින්නිය. රජුටද මෙය පුදුමයකි. මෙතරම් ඉවසිමක්. මෙතරම් විශ්වාසයක්. ඔව් ඇය තවම කදුලෙන් වේදනාව පිස දමන්නෙ නැත. ඇය ඉවසිලිමත් පෙම්වතියෙකි.
කප්පරක් දුක මා වැයුවේමුදු සිනා සලලාලක්කනින් දලූලා ගිනිගෙනමා දැවි තිබුනාවේදනා දැනෙනා හැමතැනරාවනා සිටියා......
තම ආදරය ගිලිහේද යන බිය තුල ස්ත්රියකගෙ අසරනබව මෙකි වචන තුල මනාව විදහා දක්වා ඇත. සමාජයේ අපවාද , මැද අසරන වු මන්දෝදරිය කප්පරක් දුක ඉවසාගෙන , ගිනිගෙන දැවෙන පපුතුර දැවි අලූ වි සිටින්නිය. එහෙත් ඇයගෙ සිනහව තුල එකි වේදනාව දිය කර හරි. වේදනා ඉවසාගෙන ඇය ලබා දුන් පිලිිතුර දයාබර සිනහවයි.
ඇයට ඔහුගෙන් ලැබුනු ආදරය මෙකි වේදනා ඉවසිමට ඇයට ලැබුනු ශක්තියයි. අස්වැසිල්ලයි. ආදරයකදි වඩාම වැදගත් එකිනෙකා තුල පවතින විශ්වාසයයි. තාම නාඩා ඉන්නෙඇයි මා....යනුවෙන් ප්‍රශ්නකරන ඇයට වේදනා පසුපස රාවනාගෙ ආදරය අත්වැලකි.
එමෙන්ම සිතාව වෙත යැමට තරම් රාවනාට සිත් නොදෙන්නෙ.. මන්දෝදරියගේ මෙකි ආදරය , ඉවසිමම නොවේද. රාවනාට සීතාගෙ ස්පර්ශයෙන් කිලූටු විමට තරම් දරුණු විය නොහැක. මන්දයත් ඔහු සතුව මන්දෝරියගෙ හදවත සන්තක වි තිබිමයි. ඇයගෙ විශ්වාසය , ඇයගෙ ඉවසිම තුල රාවනා තම ආදරයේ නිර්මල බව රැක ගන්නේය.
මා නොවෙයි ඒ රාවනා...අපි දන්නා රාවනා නෙවෙයි ඔහු. සැබැවින්ම පෙම්වතුන්ට ආදර්ශයක් වන පෙම්වතෙකි. ගිතයේ යොදාගත් ජන ආරය. සංස්කෘතිකමය රාමුව තුල අර්ථවත් වු වචන මාලාව මෙන්ම සමන් පනාපිටියගේ සංගිත රටාවද , ගිතයේ භාවය රසික හදවත් සංස්පර්ශිත කරවන්නට දායක වි ඇත.
සමාජයේ පවතින පවුල් ආරවුල් බොහෝමකට හේතු වන විශ්වාසය නැති විම ය. උක්ත ගිතය තුල සමාජගත වන පනිවිඩය නම්.. ආදරය තුල විශ්වාසය , වතපැවතිය යුතු බවම නොවේද. ඉවසිම යනු බැදිම්වල උපත බව නොවේද...
👉විශ්වනි ඉමාෂිකා.
Comments
Post a Comment