ධවල භීෂණ




Image result for dhawala bheeshana
ධවල භීෂණ පිරිවර

ඊයෙ වෙනස් හැඩ තලයක් තියෙන දවසක්..,සිතු දෙය නොම වෙයි නොසිතු දෙයම වෙයි, කියලා කිවුවා උනත් ජීවිතේ අපි දකින සමහරක් හීන කලාතුරකින් ඇත්ත වෙනවා.එහෙම ඇත්ත උනු හීනෙක ගෙවන ප්‍රකෘති තත්පරේක ගන්න හුස්මකින් පවා සිහිනමය ආස්වාදයක් විඳින්න පුලූවන්.


ඊයෙ හවස මට හීනයක්...පේරාදෙණි විශ්වවිද්‍යාලෙ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර එලිමහන් රංග පීඨයෙ ධර්මසිරි බන්ඩාරනායක ශූරීන්ගෙ ,ධවල භීෂණ,,ඒක වචන වලට විස්තර කරන්නට උගහට ගැඹුරු වටිනාකියන හීන එකතුවක්.පමණට ඇල් හීතල,ලාවට හමන මුදු හුළග,හොඳටම වැඩි වුනු හෙම්බිරිස්සාව මේක පේරාදෙනි අහස යට රැයකට ගැලපිලා යන සංකලනයක්.කලූවර උනත් අහස නිල් පාටයි.

වලේ ඉඳගත්තම අහස මෙච්චර ලස්සනට පේන්නෙ ඇයි?...වට පිටාව නාට්‍යය පටන් ගන්න සූදානමින්.මම දෙබසක් ගානෙ ගිලගන්න සූදානමින්. සිත් ගත් මුහුණු තුන හතරක් වේදිකාව⁣ට ඇවිත් ගිය අතරට පැය දෙකහමාරක් ගත වෙලා. නාට්‍යය ඉවරයි.ඒත් මම කොහේදෝ මමත් නොදන්නා ඉසවුවක හුදකලාවක තනි වෙලා. විප්ලවය$අරගලය යන උත්තේජිත,තත්වාරෝපිත ෆැන්ටසිය තුල ඒකෛක පුද්ගලයෙකු වශයෙන් මිනිසෙකු දැවටෙන මුලාව,අවසානයේ අරගලය$විප්ලවය සහ තමා යනු ආධ්‍යාත්මික ඒකකයක් නොව ද්විත්වයක් බව පසක් වීමෙන් විප්ලවවාදියෙකු තුල සිදුවන අභ්‍යයන්තර ඝට්ටනය සහ බිඳ වැටීම විවිධාකාර විවිධාකාර වූ පුද්ගල නිදර්ශන ඇසුරින් පුන පුනා සපථ කිරීම,එය ධවල භීෂණයේ මා ග්‍රහණය කරගත් එක් අන්තයකි.

Image result for dhawala bheeshanaඑදා සිදු වූයේ කුමක්ද?අද සිදු වන්නේ කුමක්ද.. ලෝකයේ කවර තැනක සිදු වුවුද සිදුවන්නේ එකම කතාවකි.වෙනසකට කියා ඇත්තේ ඒ කතාව අලලා මතු දාන ඉතිහාස කතාවට ලියැවෙන නම්ගම් වල වෙනස්කම් පමණි.

අරගලය...!!!

එය සමාජය විසින් ඉල්ලා සිටින්නක්ද?තමා වෙත බලෙන් පැටවූ, දිග පලළ මේ යැයි කියන්නටවත් නොදන්න අරගලයක රහස්‍ය භාවය සුරැකීමට අවුරුදු දාසයක කොලූගැටයෙකු වූ ලංශුවාට දිවි පිදීමට සිදුවෙයි.ඒ සහෝදර දෑතකට ගෙල මැදි වීමෙනි.එය මේ නාට්‍යය තුල දැවැන්ත සංසිද්ධියකි.දැවැන්ත් අතුල් පහරකි.

ෂෝන්ගේ එනම් ඔවුන්ගේ නායක සහෝදර තෙමේගේ සිරමැදිරි ආගමනය නිදහසක්,ගැලවී යාමක් සම්බන්ධයෙන් ඔවුන් සතු සියලූ ⁣අපේක්ෂා බිඳ හෙලු මුත් ජීවිතය යනු අතහැරුනු තැන මග හැර යලි අල්ලා ගැනීමයි කියන්නට මෙන් ඔවුහු නැවතත් තමා නිර්මානය කල ඒ සිහිනමය නායකත්ව ප්‍රතිරූපය වටා අරගල ෆැන්ටසිය යලි ගොඩ නගා ගැනීමට උත්සාහ කරමින් නව අරමුණක් සොයා ගන්නේාය.මරණයක් පෙනෙන සීමාව තුල එවන් වූ ඉරියවු හරඹයක නියැලෙන මානව ප්‍රාණීන් සියල්ලන්ම වීරයෝය.නමුත් ඔවුහු දාමයක අවසාන පුරුක්ය.ඔවුන්තුල අභ්‍යයන්තර ඝට්ටනය තව දුරටත් පුපුරවා හැරීමට සමත් වන ෂෝන්ගේ ආගමනය,අරගලය සහ තමා සහ නායකත්වය යනු එකිනෙකින් වියුක්ත ස්වාධීන උපව්‍යුහයන් බව වටහා දීමෙන්,මරණය අභියස නිහ~ තත්පර කිහිපයක් තුල විප්ලවවාදී දේශපාලන සිරකරුවෙකුට දරා ගැනීම උගහට අභ්‍යයන්තර පිපිරීම තීව්‍ර කරයි.

ශෝන්ට එරෙහි ලංශුවාගේ ශාපය ව⁣ශයෙන් ඒ වේදනාබර ශාපයෙන් බිඳක් එලි බසී. ධවල භීෂණ සම්බන්ධ අතීත කතාවක් මම අසා ඇත්තෙමි.අතීත දේශපාලන කලබලකාරී සමයක එවකට තරුණයෙකුව සිටි මගේ තාත්තා ඇතුලූ තරුණ පිරිසක් ධර්මසිරි බණ්ඩාරනායකයන් හා කතිකා කොට ධවල භීෂණ මගේ මවු පාසල වන තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ රඟදැක්වීමට දිනයක් යොදා ගත්තේලූ.නමුත් එයට සියලූ කටයුතු සූදානම් කොට අහවර වූ පසු යම් හෙයකින් ධවල භීෂණ අප පාසලේ වේදිකාගත ක⁣ලහොත් බෝම්බ පුහාරයකින් පුධාන ශාලාව පුපුරුවන බව එහි සඳහන් උනේලූ.

ධර්මසිරි බන්ඩාරනායකන් මේ කතාව මෑතකදීත් පුවත්පත් සාකච්ඡාවක සඳහන් කර තිඛෙනු මගේ නෙත ගැටින. අතීත කතාව එතෙකින් අහවරය. පුරා හෝරා දෙකක් පමණ හිස බර කරන ධවල භීෂණයේ මගේ ප්‍රියතම ජවනිකාව වූයේ අවසාන හරියට වන්නටය.ෂෝන් ව්‍යාජ අනන්‍යතාවක් හෙලි කිරීමෙන් දිවි රැකගෙන පලා යයි.

ජීවිතය මරණයට කැප කිරීම හෝ මේ ධවලමය මරණීය තත්පර වලින් එහා ප්‍රකෘති නැවුම් තත්පර කිහිපයක් ගැන හෝ බලාපොරොත්තු තබා ගැනීම එනම් ශෝන් යෝජනා කල ගැලවී යාමේ සැලසුම ක්‍රියාත්මක කිරීම මේ ද්විත්වයෙන් තමාගේ තීරණය ,හෙන්රි විසින් ලූසීට බාර කරයි. නාට්‍යය ආරම්භයේ වැලපෙන්නන් පසුතැවෙන්නන් සියල්ලන්ම ඇගේ දැල්වෙන බලාපොරොත්තුවෙන් උණුසුම් කරන්නට උත්සාහ කල ඒ තරුණිය.., ශෝන්ගේ ආගමනයත් සමඟ අභ්‍යයන්තරිකව පුපුරාගිය ඒ විප්ලවවාදිනිය ජීවත් වීමට අංශුමාතුික හෝ බලාපොරොත්තුවක් නැතිකමින් මරණය එකම තීරණය වශයෙන් ප්‍රකාශ කර සිටී. එකෙනෙහි හෙන්රි ඇගේ සිහිනයෙන් බිඳක් ඇයට මතක් කරයි.ඈත කඳු අතර ඉර බැහැගෙන යන නැවුම් ලස්සන හැන්දෑවක්.ඒ වචන මාත්‍ර⁣යෙන් අනතුරුව ලූසී හිටිවනම හෙන්රි වැළඳගෙන ,මට ජීවත්වෙන්න ඕනෙ, යනුවෙන් මොරගාන තත්පර කිහිපය හෙන්රි සහ ඇය වෙනුවෙන් බලාපොරොත්තුවකින් ප්‍රේක්ෂක හදවත උණුසුම් කරයි.

 ඉතින් නියපොතු තුඩක තට්ටුවකින් සෘජු,දරද~ු විප්ලවවාදිනියක් තුලින් ජීවත්වීමට නොතිත් බලාපොරොත්තු ඇහිඳින ප්‍රේමණීය තරුණියක් ඇහැරවන්නට හැකි විය. නියපොතු තුඩක තරම් තට්ටුවකට අප තුලින් අපත් නොදන්නා නන්නාඳුනන මනුෂ්‍යයෙකු බිහිකරන්නටද,ඒ තට්ටුවේ තාරතාවය,තීව්‍රතාවය,ධ්වනි ගුණයේ වෙනසකට අනුව ත්‍රස්තවාදියෙකු, ප්‍රේමවන්තයෙකු හෝ විප්ලවවාදියෙකු බිහි කරන්නටද හැකිය. මානුෂ හරයේ චංචල ස්වභාවයන් තුල දෘඩ,රාමුගත ප්‍රතිරූපයක් බලාපොරොත්තු වීම වෙනුවට මේ සුනම්‍ය මානුෂ හරයට ආදරය කරන්නට අප පෙලඹිය යුතුය.ඒ ආදරයෙන් විප්ලවවාදියා,ත්‍රස්තවාදියාගෙන් පටන් ගෙන තමාද ඇතුලූව සෑම මිනිසෙකුම කියවීමට අප උගත් යුතුය. ඒ ධවල භීෂණ මට ඉගැන්වූ තවත් පාඩමකි.

අවසානයේ ෂොන්ගේ සැලසුම ක්‍රියාත්මක වෙයි.ෂෝන් සිටින තැන පිලිබඳ ඔත්තු සැපයීම වෙනුවෙන් අණදෙන නිලධාරීවරයා ඔවුන්ගේ නිදහස ලබා දීමට වාචිකව ගිවිසුම් දෙයි.ඒ ප්‍රකාරව යම් තැනක් පිලිබඳ ඔත්තුව ලබාදෙයි. අවසාන ජවනිකාව සහ නාට්‍යයේ අවසානය ,මෝටර් බයිසිකල්, චිත්‍රපටය නැවතුනු තැනටම විත්,ඒ චිත්‍රපටය අවසානයේ දැනුනු හැඟීම අසලටම මා ගෙනවිත් නැවතීය. අනපේක්ෂිත පාවා දීමකින්,වංචාවකින් ඔවුහු මිය ගියහ...ෟෟෟ මරණය බලාපොරොත්තු නොවූ මොහොතක ,ඔවුහු මිය ගියහ..ෟෟෟ ඔවුහු මිය ගියේ හැබෑ වූ සිහිනයක ජීවත් වන ආස්වාදනීය තත්පර කිහිපයක් තුලය.ඒ ආස්වාදනීය තත්පර වල ප්‍රහර්ෂය, මරණය නම් උණ්ඩ වරුසාවක මිලි තත්පර ගණනක උගහට වේදනාවකට මැකිය හැකිද..??නැත..ෟෟ මරණය නිර්වින්දනයකි.ඔවුහු සදාකාලික ප්‍රහර්ෂයක නිර්වින්දනයක ගිලී ගියාහුය. එහෙත් අප...?? අපි ජීවත් වෙමු... අපට ඇවැසි නැති කාගේදෝ හීනයක ජීවත් වෙමු.. නමුත්,හැබෑකරගත නොහැකි වන සිහින වල මරණීය වේදනාවක් තුල හුස්මක් පාසා මියෑදෙමු. ඉතින් ලූසී,හෙන්රි,සහ අනික් විප්ලවවාදී සහෝදරයාගේ මරණය පිලිබඳ අප කම්පා විය යුතුද..?? නොඑසේ නම් ඔවුන් දිනාගත් ඒ මරණයේ තෘප්තිමත් ආස්වාදය උදෙසා අප සතුටු විය යුතුද..?? සත්තකින්ම ඔවුන් වෙනුවෙන්,ඔවුන්ගේ මරණය වෙනුවෙන් අප ජය ඝෝෂා නංවා හදවතින්ම සුබ පැතිය යුතුය.

ඒ අහවරව අප අප දෙසම බලා කඳුලූ සැලිය යුතුය.. ඒ හෙන්රි,ලූසී,ලංශුවා,අනිකුත් සහෝදරයන්,අණ දෙන නිලධාරී තැන සහ හමුදා බටයන් ඒ සියලූ දෙනාම මමය.ඒ සියලූ දෙනාම ඔබය. ඒ සුනම්‍ය මානුෂීය හරයන්ට එහෙයින්ම අප අනුකම්පා කල යුතුය.

ධවල භීෂණ අහවරය.. නමුත්,කවුරුන් හෝ නියපොතු තුඩකින් උන් හදට තට්ටු කරන තුරු උන් අද මෙන්ම හෙටත් ඒ වේදිකාව මත අසරණ දෑසින් බලා සිටිනු ඇත.


👉මදාරා පසඳනී ගුණවර්ධන

Image result for dhawala bheeshana


Comments

Post a Comment