සිග්මන් ෆ්‍රොයිඩ් ගේ එක පොතක්. මටත් එකෙ නම මතක නෑ. හැබැයි ඒකෙ තිබ්බ දේ පොඩි සාරාංශයක් විදිහට මට මෙහෙම කියන්න පුළුවන්. ප්‍රති විරුද්ධ ආකර්ෂණය පටන් ගන්නේ අපි ඉපදුණ දවසේ ඉඳන්. පොඩිපුතා අම්මගේ ළමැදේ උනුහුමට ආසයි. චුටි කෙල්ල තාත්තගේ පපුවේ උකුලේ දඟලන්න ආසයි. අම්මල වැඩිය ආදරේ පුතාට. තාත්තලා දුවලාට.
එතැන ඉඳන් ගොඩනැගෙන්නේ විරුද්ධ ලිංගික ආකර්ෂණයමයි. අවුරුදු දොළහක් දහතුනක් උනාම අම්මා තාත්තා අයින් වෙලා එතනට කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි එන්නේ අපේ මායිමෙන් විහිදුණ සංකල්පයක් නිසා. හැබැයි මන් දැකපු දෙයක් තියෙනවා මෙතනින් එහාට ගොඩනැගුණ. දුවෙක් තාත්තට ආදරේ වෙන්න පුලූවන්. හැබැයි දුවගේ හැම රහසක් ම දන්නේ කවුද? ඒ අම්මා. පුතාටත් එහෙමයි. පුතාගේ දඩබ්බර වැඩ සේරම දන්නේ තාත්තා. ඇත්තට ම හිතට තට්ටු කරලා බලන්න. ඔයා දුවෙක් නං ඔයා ගැන වැඩිපුර ම දන්නේ කවුද? ඔයා පුතෙක් නම් ඔයා ගැන වැඩිපුර ම දන්නේ කවුද? ඒත් අපි ලෝකෙට පෙන්නන්නෙ එතනින් එහාට ගියපු දෙයක්. මං තාත්තාගේ දෝනි. මං අම්මගේ දඟ පුතා කියලා.
ඇත්තටම අපි ඒකෙන් මොකක්ද හංගන්නේ? අපි අතරේම ගොඩනැගුණු සමජාතීය ආකර්ශනයක්. ඒක තමයි අපි ඒ වහල දාන්නේ. මොකද ඒක අපිට අපේ සංස්කෘතියෙන් එහාට ගියපු දෙයක්. අසම්මතයක්. අපි ඒක ඇතුළෙ විහිදිලා ගියපු සම්මතය හොයන්නේ නෑ. ඇත්තට ම විරුද්ධ ආකර්ෂණයෙන් අපි ලබන්නේ මොකක්ද? තමන්ට නැති දෙයක රසය විඳින එක. ඒකෙ ඵලය ගොඩක් උතුම් දෙයක් තමයි. ඒ අපිමයි. හැබැයි සම- ආකර්ශනයෙන් අපි ලබන්නේ මොකක්ද? ඒක නිකන් තෘප්තියක් විතරයි. එකේ වරද මොකක්ද? හානිය කාටද? "චේතනාහං භික්කවේ කම්මං වදාමි" කියනවානෙ. මෙතැනදි දකින චේතනාව මොකක්ද? ඇලීමක්. ඉතින් විරුද්ධ ආකර්ෂණයෙන් අපි දකින්නෙත් ඇලීමක්. අවසාන ඵලය විතරයි වෙනස. ඒත් ඇත්තට ම දැන් කාලෙ නම් විරුද්ධ ආකර්ෂණයෙන් ලැඛෙන උතුම්දේත් විසිකරන ජාතියක් අපි. මං මේ කියන්නේ ලංකාවේ අහන දකින දේ ඇසුරෙන්. මොකද මේ රටින් එළියට මං තවම ගිහින් නැති නිසා.
ඉතින් අන්තිමට එතනින් අපි මොකක්ද අරන් තියෙන්නේ? පවක් විතරයි. ජිවිතයක් විනාශ කිරීමක්. ඊට පස්සේ හංවඩු ගැහීමක්. කොන් වීමක්. මං දකින දේ මං නිදහසේ කියනවා. ඒ අපි ඔක්කොමලා සලබයෝ රෑනක්. ජිවිතේ තනි පාටින් ගොඩනගපු, මායිමකට කොටු වුණ. හැබැයි ඒ අතරේ ඉන්න සමනළුන්ට අපි ඉරිසියයි. මොකද? ඒ ගොල්ලන්ගෙ ජිවිතේ පාට වලින් පිරිච්ච එකක්. අපි අපේ ඇතුළෙ ම හංගගෙන ඇත්ත නැතුව බොරුව ලෝකෙට පෙන්වන, ඉන්න සමාජෙට භය ජාතියක්. අපිට කොටින් ම දෙකක් බැලන්ස් කරන්න බෑ.
➤නෙළුම් ඩී. ගමගේ
(ඉහත ලිපිය විභව සාහිත්‍යය සංගමය මගින් පළ කරනු ලබන අතර මෙහි සදහන් සියළුම කරුණු සම්බන්ධයෙන් එහි රචකයා වග කියනු ඇත.)


Comments
Post a Comment