![]() |
Film එක පුරාවට ම ඉක්කාවක් ගැන වැඩි කතාබහක් නැත. අඩුම තරමින් එකෙක්ට ඉක්කා වැටෙන්නේ වත් නැත.එහෙනම් ඇයි film එකේ නම ඉක්කා වුනේ.
කෞශල්‍ය මාධව පතිරණ ට අනූව ඉක්කා යනු කරදරයකි. ඉක්කා වැටෙන පුද්ගලයා දුකක් විදී. එවිට අවට ඉන්නන්ටද කරදරයකි. ඉක්කාව නැවතීමට නම් ඇති පදමට වතුර බී පිපාසය සංසිදිය යුතුය.
විටෙක අපේ සමහරක් හීන එසේය . හීන දකින පිස්සෝද සිටින්නේය .හීන සැබෑ වන තුරු පසුපස හඹා යෑම එසේ වුන්ගේ කාර්යයයි. Film කියන හීනය සුව කල නොහැකි ඉක්කාවකි. රුවන් තමා විසින් කළ film එක out කිරීමට නිහැකිව නිශ්පාදකයන් සොයා යයි.
ඔහු ආධුනිකයෙකි.film එකක් කෙසේ වෙතත් ආධුනික කෙටි කතා රචකයෙකුට උවද සිය නිර්මාණය එළිදැක්වීමට ප්‍රකාශකයන් සොයා ගොස් වැද වැටීමට සිදුවේ.
ලාංකීය කලාවේ ආධුනිකයාට හිමි ශෝචනීයත්වය "ඉක්කා" තුළින් මනාව විදහා දක්වයි.විටෙක ඔබට මට ඒ අපේ කතා ව යැයි හැගෙනු නිසැකයි. නිශ්පාදක වරුන් චිත්‍රපටය දකින්නේ ඔවුන් විසින් විවිධ වර්ණ යොදා හැඩගන්වා ගන්නා ලද වීදුරු කාමර තුළ සිටය.රුවන් ට සියල්ලන්ගේම වීදුරු පොලිෂ් කිරීමට නොහැකිය.එසේ වුවත් තමන්ගේ මතය වෙත ඔවුන් නතු කොට ගෙන නවමු දෙයක් පරිණත හිස්ගෙඩි තුළට එබ්බවීම තවත් අසීරු කටයුත්තකි.
මුදල් නැතිව හීන මත්තේ පිස්සූ වැටෙන ඔහු ඒ සදහා විවිධ නීතියට පටහැනි දේට ද යොමුවන අතර ලග ඉන්න පෙම්වතිය , මිතුරන් පවා අහිමි වෙයි.
මෙහිදී මම දකින සුන්දර ම අවස්ථාව රුවන්ට සහය දෙන දමිළ සහෝදරත්වයයි. එහිදී එකෙකු සිය දිවියද කැප කරන විට එය දැක දැක වුවද තවත් දමිළයෙකු උදව්වට සිටී. ඔහු කියන්නේ " මල්ලිලා සල්ලි හොයන්නේ වැරදි දේකට නෙවෙයි නේ.. "යනුවෙනි. මෙය අපේ රටට කාලීනව වැදගත් ය. නෙත් අයා කියැවිය යුතු කතාවක් එතුළ ගැබ් වේ..
මා දුටු ඉක්කා එසේය. රුවන් ට පණ පොවන කළණ ගේ රංගනය සුවිශේෂී ය.ඔහු රුවන් නොවුනා නම් ඉක්කා ඒ තරම් අපේ හදවත් ආමන්ත්‍රණය නොකරනු ඇත.එසේම ඉක්කා හි රංග පසුබිම ආදියද කතාවේ අරුත තීව්ර කිරීමට මනාව ඉවහල්ව ඇත. අතේ සතේ නැත.ලක්ශ 450 ක් ඕනෑ ය.නමුත් තියන පිච්චියත් වියදම් කොට සිගරට් බොයි .මේවා සත්‍ය සිද්ධින් ය. ලොකු ලොකු හීන සැබෑ කරගන්න සල්ලී නැතු වුවද අප නොකා නොබී ඉතුරු කරන්නේ නැත. තාත්විකත්වය එසේම නිරූපනය කිරීම "ඉක්කා " අපට සමීප වන්නට හේතු වන්නට ඇති බව නිසැකය.පාරේ තියන වීල් එකක පඩිය ලග ඉදගෙන පදමට වෙරි වූ පසු කියවීම ( ආත්ම කතනය) එකී හරි අපූරු දර්ශනයකි.
මෙලෙස මගේ හිත නවතා තියාගනිපු තැන් කීපයක් ම විය.බලාපොරොත්තු හිස්මුදුනේ තියාගෙන කොච්ච්පාරට එහා ඉදන් ලගට විත් ඈතට යන රළ දෙස හිසම අවුල් කොටගෙන හිස් බැල්මෙන් තනිවම බලන් ඉන්න පසු පස දර්ශනය හා හිස් අවකාශය., පසුව මඩකළපුවට ගොස් දමිළ මිතුරා සමග මුහුදු වෙරලේ නිදාසිටින දර්ශනය.( මේ අහස අපි හොදට අදුනනවා. ය්න වදන් කීපය)
එසේම මිතුරු තරුණයා මැරුණට පස්සේ තනිවම කොච්චියේ එන රුවන් ගේ මානසික තත්වය;හතරැස් කෝච්චිපෙට්ටියක් තුළ දිවෙන කෝච්චියේ හඩත් සමග කවුලුවෙන් පෙනෙන ග්රාමීයත්වය වියැකෙමින් නාගරික සංකීර්ණයත්වයට ඇදෙන විට මනා සුසංයෝගයල් ලෙස දරශනය වේ. අව්සන සියල්ල වියලී ගිය ගස් කීපයක් ඉතිරි දර්ශන තලය.බැසගෙන යන මලානික ඉර ට අනූව සෙවණැලි රූප දිස් වන ආකරයට සියලු අවකාශය නිරූපණය කරන දුර රෑපය. හරිම සුන්දර දර්ශනයකි.
අගනුවර මුඩුක්කු පෙළියක කුලියට ගත්ත දෙමහල් හතරැස් මැදුරක , හීනමානයක ජීවත් වෙන මාධ්‍යවේදී පෙම්වතියත් එක්ක bollywood හීන දකින අතේ සතේ නැති රස්තියාදුකාර කොල්ලෙක්. උගේ කතාව " ඉක්කා " . රත්තරං වලට වඩා වතුර වටිනවාද? වතුරට වඩා රත්තරං වටිනවාද? ? At එක මැද පුටුවක, ලබ් ඩබ් සද්දේ මැදට හොරෙන් ම රිංගලා හදවතේ ඉක්කාවක් වට්ටපු " ඉක්කා" ඇතතමයි මටනම් පට්ට.
සදුනි වනසිංහ
(ඉහත ලිපිය විභව සාහිත්‍යය සංගමය මගින් පළ කරනු ලබන අතර මෙහි සදහන් සියළුම කරුණු සම්බන්ධයෙන් එහි රචකයා වග කියනු ඇත.)

😍
ReplyDelete