ආර්ජන්ටිනාවට පලා යාමෙන් අනතුරුව නෙරූදා තමාගේ සාහිත්‍යමය කටයුතු වෙනුවෙන් දැඩි අවධානයක් යොමුකර වීය. මේ වනවිටත් චිලී රජය සිතාසිටියේ ඔහු චිලියේ ම සැ`ගව සිටිනා බවය. නමුත් ඔහු හදිසියේම ප්‍රංශයෙන් මතු වූයේ ලෝක සාම සමුළුවේ නියෝජිතයෙකු වශයෙනි. මේ ස`දහා කටයුතු සම්පාදනය කලේ පැබ්ලෝ පිකාසෝ බව පසුව සැළ විය. තවදුරටත් ඔහු ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය වැනි රටවල සංචාරය කරමින් තම ජීවන සහ දේශපාලනික අත්දැකීම් මුවහත් කරගත්තේ ය. මේ වනවිට තරුණ ක්‍රියාකාරිකයෙකු වූ චේ ගෙවාරා ද නෙරූදා කවිය තුළින් ජනතාව වෙනුවෙන් සටන් වදින අයුරු දෙස බලා සිටියේ බලාපොරොත්තු පිරි දෑසිනි. නෙරූදා තම කවිය ජීවත් කරවමින් විවිධ ලතින් ඇමෙරිකානු රටවල් තුළ කාලය ගත කළේය. වරක් මෙක්සිකෝවෙන් ඔහුට එහි ගෞරවනීය පුරවැසිභාවය පවා පිරිනැමීය.
කලාව යනු මිනිසාට රසවින්දනයත්, ජීවිත තුළ ඇති පීඩනයත් අවම කිරීම සදහා යොදාගන්නා වූ මෙවලමක් ලෙස හැදින්විය හැක. ඉතිහාසයේ සිට වර්තමානය දක්වා පෙළගැස්වුවහොත් කලාකරුවන් මෙතෙකැයි කියා නිම කළ නොහැක. නමුත් ඔවුන් අතරින් හුදු රසවින්දනය සැපයීමෙන් ඔබ්බට ගොස් සමාජ, ආර්ථික, හා දේශපාලනික වශයෙන් සමාජ පෙරලියක් කිරීමට උත්සාහ දැරූ කලාකරුවන් අල්ප වේ. එසේ සමාජ පෙරලියක් සිදුකළ කලාකරුවන් අතර ඉහළ ම ස්ථානයක් මහා කවි පැබ්ලෝ නෙරූදා හට නිතැතින් ම හිමි වේ.
ලෝක දේශපාලනයේ මහා පෙරළියක් කළ ලතින් ඇමරිකානු කලාපයේ චිලී දේශයේ උපත ලද නෙරූදා ගේ උපන් නම රිකාඩෝ බැස්ඇල්ටෝ විය. වයස අවුරුදු විස්සේ දී ඔහු තම නම පබ්ලෝ නෙරූදා ලෙස වෙනස් කරගන්නේ ජැක් නෙරූදා නැමැති චෙකොස්ලෝවෙකියානු කවියාට ඇති දැඩි ඇල්ම නිසාවෙනි. නෙරූදා තම සාහිත්‍යමය දිවිය ආරම්භ කරන්නේ වයස අවුරුදු දහයේ දී පමණ වුවත් ඔහු කවියෙකු ලෙස නාමකරණය වන්නේ වයස අවුරුදු දහතුනේ දී ය. නෙරූදා ගේ කවි විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ විහිද ගිය ඒවා විය. ඓතිහාසික වීර කාව්‍යයන්, මනඃකල්පිතයන්, දේශපාලන ප්රකාශනයන් ඔස්සේ කවි රචනා කල නෙරූදා විටෙක අද්විතීය ප්‍රේම කාව්‍යන් රචනා කළේ ය. නමුත් ඔහු වඩා ප්‍රකට වූයේ දේශපාලනික වශයෙන් කළ මෙහෙවර නිසාවෙනි. චිලියේ කොමියුනිස්ට් පක්ශයේ ප්‍රබල සාමාජිකයෙක් වූ නෙරූදා තම කවිය අවියක් කරගෙන චිලිය සමාජ හා දේශපාලනික පෙරලියකට ගෙනයාමට අවශ්‍ය මග පෑදීය.
නෙරූදා වෘත්තියෙන් කවියෙකු නොවීය. ඔහු තානාපති නිලධාරියෙකි. 1929 දී පමණ ශ්‍රී ලංකාවේ චිලී තානාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබූවේ ද නෙරූදා ය. චිලියේ ධනවාදී පාලකයෙකු වූ ගොන්සාලෝ විදාලාගේ පාලන සමය තුළ සෙනෙට් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ නෙරූදා ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීමට ධනපති පාලකයන් පසුබට වූයේ නැත. ඒ නෙරූදාගේ සාහිත්‍යය නිර්මාණයන් ජනතාවගේ චින්තනය වෙනස් කිරීම සදහා උත්තේජනයන් සපයමින් සිටි කාල වකවානුවක් නිසාවෙන් ය. මාස ගණනාවක් චිලියේ සැ`ගවෙමින් සිටි නෙරූදා ආර්ජන්ටිනාවට පළා ගියේය. ඒ වනවිටත් කොමියුනිස්ට් පක්ෂය චිලියේ තහනම් කර තිබූ අතර එහි කටයුතු මුලූමනින්ම ඇනහිට තිබිණ.
නැවතත් 1952 වසරේ දී චිලිය ට පැමිණෙන නෙරූදා එම වසරේ ම පැවැති චිලී මැතිවරණයේ දී කොමියුනිස්ට් පක්ෂය ස`දහා අගනා මෙහෙවරක් ඉටුකරලීය. කෙසේ වුවත් කොමියුනිස්ට් අපේක්ෂක සැල්වදෝර් අයන්දේ ජනපතිවරණයේදී පරාජය විය. මෙම පරාජයෙන් පසු නැවතත් චිලියෙන් පිටවන නෙරූදා කවියෙන් ලෝකයේ ම ගෞරවාදරයට පත්විය. ඔහුගේ කවි භාෂා ගණනාවකට පරිවර්තනය වූ අතර පෞද්ගලිකව නෙරූදා ලෝක පූජිත විය.
![]() |
| Here you can read News republic article |
ෆිදෙල් කැස්ත්‍රෝ සමග දැඩි මිත්‍රත්වයක් පවත්වාගෙන ගිය නෙරූදා කියුබානු මිසයිල අර්බුදය පැවති කාලයේ ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව දැඩිව පහර එල්ල කළේ ය. මේ සමග ම ඔහු කෂA සංවිධානයේ ඉලක්කයක් බවට පත්විය. නෙරූදා 1964 වසරේ නොඛෙල් සාහිත්‍යය සම්මානය ස`දහා නිර්දේශ විය. නමුත් ඇමරිකානු බලධාරින්ගේ උදහසට ලක්ව සිටි නෙරූදා ප්‍රතිරූපය බි`දවැට්ටීම ස`දහා 1940 වසරේ ඔහු විසින් ලියොන් ට්‍රොට්ස්කි වෙත ප්‍රහාරයක් එල්ල කළ බව පැවසීය. ඒ හේතුවෙන් නෙරූදා හට එම වසරේ සාහිත්‍යය සම්මානය අහිමි විය. අසාර්ථක මැතිවරණ ව්‍යාපාර දෙකකට පසු 1970 වසරේ කොමියුනිස්ට් පක්ෂය විසින් නෙරූදා ව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ අතර ඔහු එය ප්‍රතික්ෂේප කරමින් සැල්වදෝර් අයන්දේ වෙත ම තම සහාය පල කළේය. නෙරූදා ගේ සිහින මල්ඵල ගන්වමින් අයන්දේ චිලියේ ජනාධිපති ධූරයට පත්විය. ඒ සමග ම චිලියේ කොමියුනිස්ට් පාලනයක් ගොඩනැගිණි. ඉන්පසු වසර වන 1971 වසරේ නැවතත් නොඛෙල් සාහිත්‍යය සම්මානය ස`දහා නිර්දේශ වන නෙරූදා එම වසරේ සම්මානය තමන් සතුකර ගැනීමට සමත්විය.
![]() |
| පැබ්ලෝ නෙරූදාගේ කවි සදහා පිවිසෙන්න. |
ඇමරිකානු අධිරාජ්‍යවාදීන් චිලියේ සමාජවාදී පාලනය පෙරලා දැමීම ස`දහා කුමන්ත්‍රණයක් දියත් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස හමුදා කුමන්ත්රණයකින් ජනාධිපති මන්දිරයට ප්‍රහාරයක් එල්ල විය. ජනපති සැල්වදෝර් අයන්දේ ඇතුළු බොහෝ දෙනා ඉන් ජීවිතක්ෂයට පත්වූ අතර හමුදාපති ෆිනෝචේ ජනාධිපති ධූරයට පත්විය. ෆිනෝචේ විසින් සමාජවාදීන් එකිනෙකා ඝාතනය කළ අතර වික්ටර් හාරා වැනි පුද්ගලයන් ද ඒ අතර විය. මේ වනවිට නෙරූදා කොමියුනිස්ට් පක්ෂයේ වඩාත් ම අත්දැකීම් ඇති පුද්ගලයා වීම ඔහු පසුපස මරුවා හඹා ඒමක් විය. ජනපති ෆිනෝචේ විසින් ලබාදෙන ලද නියෝගයකට අනුව පිළිකාවකට ප්‍රතිකාර ගනිමින් සිටි නෙරූදා ට ඖෂධයක් මුවාවෙන් විෂ එන්නතක් ඇතුළු කළ අතර නෙරූදා රෝහලෙන් පළා ගියේය. එහෙත් ඉන් පැය හයකට පසු නෙරූදා ජීවිතක්ෂයට පත්විය. නෙරූදා ගේ සිරුර ස්වභාවික හේතු දක්වමින් මිහිදන් කළ ද 2015 වසරේ නැවත එය ගොඩගන්නා ලද්දේ පරීක්ෂණ කටයුතු වෙනුවෙනි. පරීක්ෂණ වලින් නියත වශයෙන් ම විෂ ශරීරගත වී මියගිය බව තීරණය කෙරුණු අතර ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ සෝ සුසුම් මැද නෙරූදා ගේ සිරුර නැවත මිහිදන් කෙරිණි.
(ඉහත ලිපිය විභව සාහිත්‍යය සංගමය මගින් පළ කරනු ලබන අතර මෙහි සදහන් සියළුම කරුණු සම්බන්ධයෙන් එහි රචකයා වග කියනු ඇත.)


Comments
Post a Comment